(තිළිණි ද සිල්වා)
ත‍්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත‍්‍රස්ත ක‍්‍රියාකාරම් වල නිරතවෙමින් සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළා යැයි කියන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙකු සෞදි බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි ගැසට් වෙබ් අඩවිය අද (13) වාර්තා කළේය.
එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ලාංකිකයාගේ අනන්‍යතාවය සෞදි බලධාරීන් විසින් තහවුරු කර නොමැත.
මෙම ලාංකිකයා මේ වන විට එරට බුද්ධි අංශ භාරයේ පවතින බන්ධනාගාරයක තාවකාලික රඳවා සිටින බවද සෞදි ගැසට් වාර්තාවේ සඳහන් වේ.
මෙම ලාංකිකයාට අමතරව විවිධ ජාතීන් 40 කට අයත් තවත් පුද්ගලයින් 999 දෙනෙකුද ත‍්‍රස්තවාදී චෝදනා යටතේ සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරේ යේමන ජාතිකයින් 365 ක්ද ,සිරියා ජාතිකයින් 221 ක්ද , ඊජිප්තු ජාතිකයින් 87 ක්ද , පකිස්ථාන ජාතිකයින් 70 ක්ද , ඉන්දීය ජාතිකයින් 19 ක්ද , ඇමෙරිකානුවන් 5ක්ද ,ජෝර්දාන ජාතිකයින් 22 ක් , ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 8 ක්ද , තුර්කි ජාතිකයින් 19 ක්ද ,පලස්තීන් වැසියන් 20 ක්ද , එක්සත් අරාබි එමීර් ජාතිකයින් 2ක්ද , පිලිපීනයේ 16 ක්ද , සුඩාන ජාතිකයින් 33ක්ද , බහරේන ජාතිකයින් 10 ක්ද ඇතුළු පිරිසක්ද වෙති.
ත‍්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත‍්‍රස්ත ක‍්‍රියාකාරම් වල නිරතවීමේ චෝදනා යටතේ මෙම ලාංකකියා ඇතුළු සැකකරුවන් පිරිසට එරෙහිව පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව ඉදිරියේදී එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් බෙල්ල නැවෙයි......... පුළුවන් තරම් ඉක්මනින් අත්අඩංගුවට ගත්ත පුද්ගල අපේ රටේ ක එක්කද සම්බන්ධතා පැවැත්තුවේ කියල හොයල බලන්න.