IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


අපව සුවයෙන් තබන සැප නින්ද

අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති මාතෘකාවක් ගැනයි. එනම් අපේ නින්ද ගැනයි. දවස තිස්සේ එක හැල්මේ වැඩ කරන අපි විවේකයක් ලබා ගන්නේ රාත්‍රී නින්ද නිසයි. ඒත් ඒ සුවබර විවේකය අහිමි වූවෝද වෙති. සමහරුනට නම් වැටුණු වැටුණු තැන නින්ද යන, නින්දට තැනක් නොතැනක් නැති ගාණයි.එයද සුවබර නින්දක් නොවේ. එසේ නම් අපි කොහොමද අඩුම ගාණේ පැය 08ක පමණ නින්දක් ලබා ගන්නේ? මේ ඒ ගැනයි.

දවසේ වැඩ කොටස උදාසීන බවින් තොරව නිම කරන්න.

දහවලදී සහ සවස් කාලයේදී කෙටි නින්ද ලබා ගැනීමෙන් වැලකෙන්න.

රාත්‍රියේදී පූර්ණ නින්දක් නොලැබීම නිසා උදෑසන අවදි වීමද දුෂ්කරය. උදේට අවදි වුවද දහවල් වන විට අධික නිදිමත ගතියක් දැනේ. එබැවින් කෙටි නින්ද ලබා ගැනීම රාත්‍රී දිගු නින්දට බාධාවකි.

නින්දට පෙරාතුව මනස නිදහස් කර ගැනීමට අමතක නොකරන්න.

 නින්දට පෙර මනස සුවපත් වන කෙටි භාවනාවකට යොමු වීම හෝ මියුරු සංගීතයකට සවන් දිය හැකියි. සතුටින් නින්දට යාමට හුරු වන්න. දහසකුත් ප්‍රශ්න , කරදර අතපසු වීම් ගැන සිතින් වදවීම නවත් වන්න.

ඇස් වෙහෙසවමින් දැඩි ලෙස ජංගම දුරකතන තිරවලින් මිදෙන්න.මෙය ඉතා වෛහෙසකර ක්‍රියාවලියකි. ඇස් වෙහෙසට පත් වනවා පමණක් නොව අක්ෂි රෝගවලටද සමීප හේතුවකි .එබැවින් රූපවාහිනී,ජංගම තිරවලින් ඇස් ඉවතට ගතහොත් ඔබට සුවදායී නින්දක් ලැබේ. 

නිදන කාමරය පිරිසුදුව සහ  පිළිවෙළට සකසා ගන්න. ඒ කියන්නේ මුළු නිවසම දීප්තියෙන් බැබළුණත් ඔබගේ නිදන කාමරය අපිළිවෙළ නම් ඔබට එහි නිදා ගැනීම සුවදායී නොවනු ඇත. එනිසා නිදා ගන්නා ඇඳ සේම ඇඳ ඇතිරිල්ල, කොට්ට උරය, පොරෝනය ආදියද නිති පිරිසුදු විය යුතුය.

තම පිරිසුදුතාවද පවත්වා ගන්න.

ඇඳුම් පැළැඳුම් කෙතරම් පිරිසුදු වුවද ඔබ පිරිසුදු නැත්නම් ඒත් පලක් නැත. නින්දට ප්‍රථම හොඳින් ස්නානය කිරීම වැනි ශරීරයේ පිරිසුදුතාව පවත්වා ගැනීමෙන් සැප නින්දක් ලබා ගත හැකියි.

නිදා ගැනීමට අවම වශයෙන් පැයකට දෙකකට මත්තෙන් වැඩිපුර ජලය, කෝපි වැනි පාන වර්ග නවත්වා දැමීම.

අධිකව පාන වර්ග ගැනීම නිසා මුත්‍ර කිරීමට යාමේ වාර ගණනද වැඩි විය හැකියි. දිගු නින්දක් අවැසි ඔබට මඟදී අවදි වීමට සිදු වීමද හිරිහැරයකි. 

ඔබටත් නින්ද නොයන අයකු නම් ඉහත් පුරුදුවලට අනුගත වන්න. යහපත්  සෞඛ්‍යයක් සඳහා හොඳ නින්දක් අවශ්‍යයි. 

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

අපව සුවයෙන් තබන සැප නින්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site