IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


‘පරණ ගැසට්ටුව ක්‍රියාත්මක කරන්න ඕනෑ’

(මුදිතා දයානන්ද)
 
පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපති නිකුත් කළ ගැසට්ටුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව පරණ ගැසට්ටුව ක‍්‍රියාත්මක විය යුතු බවත් ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (14) කැඳවිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (13) පැවසීය.


ටිල්වින් මහතා මේ බව පැවසුයේ විහාර මහතා දේවි එළිමහත් රංග පීඨයේ දී පැවති 29 වන ඉල්මහ විරු සමරු උළලේදීය.


ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ඉතාමත් වැදගත් යහපත් තීන්දුවක් බවද කුමන්ත‍්‍රණවලින් බලය ඇල්ලීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග පැරදවීමට එයට ශක්තිමත්ව මුහුණ දෙන බලවේගවලට හැකියාව ඇති බවද ඔහු තවදුරටත් පැවසීය. 


මෙම තීන්දුවෙන් කුමන්ත‍්‍රණ කෙළවර නොවන බැවින් ඉදිරියේ දී එන ඕනෑම කුමන්ත‍්‍රණයකට මුහුණ දීමට තම පක්ෂය සුදානම් සේම ඒ සඳහා පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.


පාර්ලිමේන්තුව විසිරුවීමට නිකුත් කළ ගැසට්ටුව අත්හිටුවන්නේ නම් එයට පෙර නිකුත් කළ ගැසට්ටුව එනම් 14 වැනි දාට පාර්ලිමේන්තුව කැඳවීමට නිකුත් කළ ගැසට්ටුව ක‍්‍රියාත්මක විය යුතු බවද ඒ අනුව අද පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවද ටිල්වින් මහතා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (2)

‘පරණ ගැසට්ටුව ක්‍රියාත්මක කරන්න ඕනෑ’

Bamunuarachchi Tuesday, 13 November 2018 04:30 PM

හලෝ කුමන්ත්‍රණවලින් බලය ගන්න හැදුවේ ඔබලා... 1971 සහ 1989 ඔබලාගේ කුමන්ත්‍රණ නිසා දසදහස් ගණනක් තරුණයින් මැරුණා. මේ අය කතා කරන්නේ හරියට නෙලුම්මලෙන් උපන් කුමාරයින් වගේ. මේ ගොල්ලෝ කුමන්ත්‍රණයෙන් රටේ බලය අල්ලන්නේ නැහැ ජනතාවගෙන් රට කරන්න බලය ඉල්ලනවා. ඔය කතා නුඹලා පසුපස එන ගොබ්බයින්ටම කියන්න...

:       0       0

දිලුම් Wednesday, 14 November 2018 02:52 AM

ජෙප්පො ටික මලික් ඇතුළු යූ.එන්.පී කාරයෝ දෙන මාසික දීමනාවෙන් බඩ වියත රැකගෙන ඒ අයට කඩේ යනවා. රට ගැන හිතලා තීරණයක් ගන්න ඕන වුණාම කට වහගෙන ඉන්නවා. මහින්දවත්, රනිල්වත් අපිට වැඩක් නෑ. රටේ යහපත වෙනුවෙන් ඉන්නවා කියලා හිතපු මේ ටිකත් කන හැටි දැන් අපිට පේනවා. ඔක්කොම මේ අපේ සහ රටේ සාරය උරා බීපු ලේ පිපාසිතයින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 189 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site