(නිමල කොඩිතුවක්කු)
සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කර බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද (22) පැවසීය.
මේ යන්ත‍්‍රණයත් සිරිකොතත් මැතිවරණ ව්‍යාපාරයේ වැඩකටයුතු සිදු කළ බවට තමන්ට සහතික විය හැකි බවත් පැවසූ වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ අනාගතය ගැන සිතා නව නායකයන් ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ලද පරාජය සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිලි දිගු කර චෝදනා කිරීමෙන් ඵලක් නොවන බවත් පැවසූ රනිල් වික‍්‍රමසිංහ මහතා බෞද්ධයන් ලෙස ඒ වරද වටහා ගෙන එය නිවැරදි කිරීමට පියවර ගත යුතුව ඇති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගමත් මතක් වෙලා. රටට 6G තාක්ෂණය අහිමි වීම ගැන දුකයි...
ඔබ බෞද්ධයෙක්ද? ප්‍රශ්නය ඉතාම සරලයි.
සජිත් පිලත් , රනිල් පිලත් දෙකම එකයි . දැන්තමයි එයාලට සිංහලකම , බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ. මේ අය හිතන් ඉන්නේ ලංකාවේම ඉන්නේ මෝඩයෝ කියලා. සජිත් දින්නනම් මෙලහකට ෆෙඩරල් දීලා , රනිල් උතුරේ දීපු පොරොන්දු ඡන්ද ප්‍රතිඵලයෙන් තේරුම් ගන්න පුළුවන්.
ඔබ දිනිය නොහැකි නායකයෙක්. ජනතා අප්‍රසාදයට පත්වූ අයෙක්. එජාපයේ විනාශයේ ප්‍රධානියායි. කරුණාකරලා ඉවත්වෙලා සජිත්ට භාරදෙන්න.
රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාට සම්පූර්ණ සහයෝගය දුන්නා වෙන්න පුළුවන්. ඒත් " මමයි අගමැති " කීමෙනුත් එම්.සී.සී ගිවිසුම හදිසියේ ගෙන ඒමෙනුත් සජිත්ට අවාසියක් උනා. ඒවා නොකළ යුතුව තිබුනා.
ඔබතුමාගේ මූණ, කටහඬ අහනකොට පාක්ෂිකයින්ට එපාවෙනවා. දැන් හොඳටම ඇති හිටියා...
ආ .. ඔයාලත් බෞද්ධ වුණාද? හොඳයි හොඳයි.. ඔහොම්ම සිංහලත් වෙන්නකෝ..!!
අඩු ගානේ තම තමන්ගේ ආසනයවත් දිනා ගන්න බැරි අය ඉදිරියට ආවම පැරදෙන එක කිව යුතුද? හිටපු අගමැති කියනවා වගේ අන් අයට ඇගිල්ල දික්කරන්නේ නැතුව එම ඇගිල්ල තම තමන්ට දික්කර ගන්න. පළමුව තම ආසන වලට ගිහින් දැනඅගන්න ඇයි ඒ අය ඡන්දේ තමන්ට නොදැම්මේ කියා.
ඇයි මේ රනිල්ට දෝෂාරෝපණය කරන්නේ ඡන්දෙ පැරදුණාට. ඡන්දෙ ඉල්ලුවේ සජිත් නේ. එයානේ පැරදුනේ. 2015 දී ඉල්ලුවේ මෛත්‍රී. 2009 දී ඉල්ලුවේ සරත් ෆොන්සේකා. ඉතින් ඇයි මේ රනිල්ට බනින්නේ. මෙයා ඡන්දේ ඉල්ලුවෙත් නැහැ. පැරදුනෙත් නැහැ. දෙයියෝ දනී මේවා...!!!
සජිත්ගේ වැඩ කළ හැකි හොඳම කාලය මේ කාලය කියලයි ඡන්දය ඉල්ලුවේ... ඉතිං එන පාර එයාම කියනවා එයාගේ බහින කලාව කියලා.. එහෙම කෙනෙක්ව දාලා හරියන්නේ නැහැ. එදා පුතාණන්ගේ තාත්තගේ කුලය නිසා දැලිපිහියට අහුවුණු ගාමිණී දිසානායක මහතාගේ පුතාට නායකකම දෙන්න එයාට බෞද්ධයින්ගේ විශ්වාසය දිනාගත හැකියි.
පැරදිච්ච කෙනා එපා ගෙදර යන්න. ඡන්දෙ ඉල්ලුවෙත් නැති රනිල් අස්වෙන්නේ මොකටද? එයා උතුරු නැගෙනහිරෙන් සජිත් දිනවලනේ තියෙන්නේ...
කාර්මික විප්ලවය අහිමි වීම ගැන මට මාර දුකයි.
එ්ක ඔබේ වැඩක්... ජනතාව පිළිතුරු දුන්නේ ඔබට හැදෙන්න මිසක් සජිත් පරද්දවන්න නොවෙයි. පැරදුනේ එජාපය මිසක් සජිත් නොවේ. සජිත් යනු එක්කෙනෙක් පමණයි.
2015 දී ජනතාව යහපාලනටයි ඡන්දය දුන්නේ.. විධායක බලය අහෝසි කර පාර්ලිමේන්තුව ප්‍රමුඛ ව්‍යවස්ථාදායකට බලය පැවරීමයි. නමුත් ඔබ එය කලේ නැහැ. දැන් කතා කරලා වැඩක් නැහැ.. සාධාරණ සමාජයක් වෙනුවෙන් හඬ නැගූ සෝභිත හාමුදුරුවන්වත් අමතක කළා. දැන්වත් තරුණ අයට වැඩ කරන්න දෙන්න. UNP යනු රෝයල් එක නෙමෙයි. දුප්පත් වැඩකරන ජනතාවගේ පක්ෂයකි.