
(ටෝනි කරුණානායක)
කටාන, කලුවාරිප්පුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් කොවිඩ්-19 ආසාධිතයෙකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම විහාරස්ථානයේ හිමිවරුන් 14 දෙනෙකු එම විහාරස්ථානය තුළම නිරෝධායනයට යොමු කළ බව කටාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය අද (21) පැවසීය.
ඉකුත් ඔක්තෝබර් මස 03 වැනිදා සිට අද (21) දක්වා කටාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් කොවිඩ්-19 ආසාධිතයන් 415 දෙනෙකු සහ දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් කොවිඩ්-19 ආසාධිතයන් 626 දෙනෙකු හදුනා ගෙන ඇතැයි කටාන සහ දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක එස්.ඒ.යු.ටී. කුලතිලක මහතා කීය.
කටාන සහ දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් ප්‍රදේශ රැසක පදිංචි කරුවන් 5110 දෙනෙකුට ඊයේ (20) සහ අද (21) දිනය තුළදී කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට කටයුතු කළ බව පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කුලතිලක මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd