
(සනත් ගමගේ)
වීරවිල හා රිදියගම රජයේ ගොවිපොළ දෙක පෞද්ගලික අංශයට විකිණිමට අවශය සැලසුම් සකස් කර ඇති බැවින් ඒ සඳහා සුදුසු ආයෝජකයන් දැනට ඉදිරිපත් වි සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කීය.
පාඩු පිට පාඩු ලබමින් මෙම රජයේ ගොවිපලවල් දෙක ක්‍රියාත්මක වන හෙයින් තවදුරටත් රජයට මෙම බර දරා ගැනීමට නොහැකි හෙයින් පෞද්ගලික ආයෝජකයන්ට ගොවිපොළ දෙක ලබාදීමෙන් ගොවිපොළ දෙකෙන් උපරිම නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගැනීමට හැකිවන හෙයින් පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බවද ඇමැති මහින්ද අමරවීර මහතා කීය.
වීරවිල රජයේ ගොවිල දැනටම වසරකට රුපියල් ලක්ෂ 400 ක පමණ පාඩුවකින් පාලනය වන බවත් රිදියගම ගොවිපලද කිරිලීටර් 5000 ක් තරම් ප්‍රමානයක් නිෂ්පාදනය වන බවද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම ගොවිපල දෙකේම සිටින සේවකයන් සමඟ එම ආයෝජකයන් ගොවිපොළ දෙක මිලදී ගැනීමට හැකිවන සේ අවශ්‍ය සාකච්ඡා කරගෙන යන බවද අමරවීර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්හදා බැලීමක් වශයෙන් ඕක විශ්ව විද්‍යාල කීපයකට (කෘෂි සහ වාණිජ) දීල බලන්න බැරිද?
මේ ඇමතියෝ පන්නපු දාට ඕවා ලාබ ලයි. උන් හොරා කනවා.
මේ රටට ඇමති මන්ධලයක් අවශ්‍ය නැහැ.
දියවන්නාවේ ගව ගාලා ප්‍රතිව්‍යුහගත කිරීම අගෙයි අගෙයි. එය දැනටමත් අහවල් සමාගමෙන් මිලට අරංද?