IMG-LOGO

අගමැති හා හවුල්කාර පක්ෂ අතර හමුවක් හෙට

(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) දහවල් පැවැත්වෙි.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් ට අද (21)දැනුම් දුන්නේය.

වත්මන් දේශපාලන තත්වය සහ යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් දැනටමත් විරෝධය පළ කර ඇත .

ඒ අනුව එම පක්ෂවල නායකයෝ පිරිසක් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා අද  හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ .

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බව එම සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නායකයෙක් සඳහන් කළේය .

හිටපු ජනාධිපතිවරයා ගේ නිවසේ අද පැවති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ඇමති වාසුදේව නානයක්කාර , රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුද සහභාගි වූහ .

 



අදහස් (9)

අගමැති හා හවුල්කාර පක්ෂ අතර හමුවක් හෙට

Sadaham Gunasekera Tuesday, 21 September 2021 11:25 PM

චීනෙට දුන්නොත් ප්‍රශ්නයක් නැති වෙයි නේද? දැන් ආසද

:       0       5

gamunu Wednesday, 22 September 2021 02:38 AM

මේ 10 දෙනාගේ කල්ලිය නිසා රටේ මිලියන් 22ක ජනතාවට ප්‍රතිලාබ නැතිකර ගැනීමට අවශ්‍ය නැත.ලෝකයේ කිසිදු රටක මෙවැනි දේශපාලන නාටක නැත. ඔවුනට කරන්න හැකියාවක්ද නැත කරන කෙනෙකුට කරන්න දෙන්නේද නැත. රටේ දියුණුවට විනකරන කණඩායම් කියන ආකාරයට ජනාධිපති නැටවිය නොහැක. ඔහු ලෝකයේ දියුණුව දැක තිබේ ඔහුට උත්සහ කලෙත් රට දියුණු කිරීමට වේ. රට දියුණුවනවට සහ ජනතව හොදින් ජිවත්වනවට අකමැති බොරු දෙෂප්‍රේමීන්ට විරුද්ධව ගම්දන්වුතුල උත්ගොසන කලයුතුවේ. ඇමෙරිකාවට මුළු ලෝකයම පලනයකිරීමේ හැකියවක් තිබේ. ඒ සදහා යුද වදින්නට අවශ්‍ය නැත. ලෝකයේ දියුණු තම සමාගම් මගින් මේවන විටත් ඇමෙරිකාව ලෝකය පාලනය කරමින් සිටි.ගූගල් , මයික්‍රොසොෆ්ට් , නොමැතිව වර්තමාන ආර්ථික මෙන්ම තාක්ෂණික ලෝකයට පැවැත්මක් නොමැත. 10 දෙනාගේ බමුණු කල්ලිය ලෝකයට බනවදීමට යොදා ගන්නෙත් ඇමෙරිකාවේ නිෂ්පාදිත ඇපල් ජංගම දුරකථන බාවිතා කරමින් හෝ පරිගණකය වින්ඩොව්ස් 10 යොදාගනිමින් ඔන්ලයින් හරහා බව ඔවුන් නොදන්නේද ? බමුණු යුගයන් අවසන් කර 21 වන සත්වරශය ගැලපෙන ශ්‍රී ලංකාවක් ඉදිරියේදී නිර්මාණය කරමු

:       2       2

gunarathna Wednesday, 22 September 2021 06:28 AM

ඔබතුම මේ අයට දැනුම් දෙන්න මේ විදියට රජයට විරුද්ධව වැඩ කරනවනම් ආණ්ඩුව විසුරවලා දානවා කියල. ඔය දැගලිලි ඉබේම නවතිනවා

:       3       2

kimbula ale gunaWednesday, 22 September 2021 11:31 AM

කොයි මේ මුට්ටිය

:       1       1

GaminiWednesday, 22 September 2021 01:35 PM

අන්න වැඩේ පුලුවන් නම් අපිත් ඉන්නේ එ් දවස එනකන්...

:       0       2

මාම Wednesday, 22 September 2021 06:31 AM

දැන් සැපද කියල කාලෙකින් මෙයා අපෙන් ඇහුවෙත් නැ

:       0       5

ChandaDayaka Wednesday, 22 September 2021 10:36 AM

ඔන්න අපි රඟපෑමත් හරියට කරා

:       0       4

happa Wednesday, 22 September 2021 11:30 AM

මේවා දැන් වෙනස් කරන්න බැහැ .ගනු දෙනු අරගෙන ඉවරයි

:       0       2

fairoos Wednesday, 22 September 2021 12:36 PM

අගමැති සමග සාකච්ඡා සාර්ථකයි. කොන්දේසි පිට යුගදනව් පනතට අපේ සහාය... මේක තමයි අන්තිමට වෙන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site