
(තිලකරත්න දිසානායක)
ගම්පහ සමූපකාර ඉන්ධන පිරවුම්හලට ලැබී තිබූ පෙට්‍රල් ලීටර් 6600 ක ප්‍රමාණයක් අද (1) දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමට යාමේදී ටෝකන්පත් ලබාදී තිබූ පිරිසක්ද ඉන්ධන ලබාගැනීමට පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.
සිකුරාදා දිනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ඉන්ධන ලබාදීමට වෙන්කොට තිබීම මත ඊයේ (30) සවස 3 පමණ සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමූපකාර පිරවුම්හල අසල රැඳී සිට ඇති අතර අද පෙරවරුවේ ඉන්ධන ලබාදීමට සූදානම් වීමේදී මෙම ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති විය.
ගම්පහ රෝහල අසල සිට ඔරුතොට දක්වා කිලෝ මීටර් තුනක පමණ දුරක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රථ වාහන තබාගෙන සිටි අතර ඉන්ධන ලබා නොදීම මත දෙපිරිස අතර ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වය හේතුවෙන් පිරවුම්හල ඉදිරිපිට මාර්ගයද අවහිර කිරීම මත පොලීසිය සහ යුද හමුදාවද කැඳවීමට පියවර ගැණින.
අනතුරුව සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා මැදිහත්ව , සිකුරාදා දිනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා දීම පිනිස වෙන්කොට ඇති බැවින් ඒ අනුව ක්‍රියාකරන ලෙස දැනුම්දීම මත අද පස්වරු 3 ට පමණ ඉන්ධන නිකුත් කිරීමට පියවර ගනු ලැබීය.


COMMENTS
රටේ පරිපාලනය අන්තිමටම ගිහිල්ලා... රටක් හෝ රජයක් නැහැ වගේ දැනෙන්නේ...!
දොස්තරලා බිස්නස් කරන්න තෙල් ඉල්ලන්නේ... ප්‍රයිවට් චැනලින්වලට රට වටේ යන්නේ. හැම රෝහලකම වගේ නිලනිවාස තියෙනවා. ජනතාවට ඔයතරම් ආදරේ නම් නිලනිවාස වල නැවතිලා බෙහෙත් දෙන්නකෝ... ඉස්පිරිතාලෙන්ම නොමිලේ කෑමත් දෙනවානේ...
ඊයේ ගම්පහ නගරයේ IOC ඉන්ධන හලට ආව ලීටර් 6600 පෙට්‍රල් බවුසරයෙන් දවස් ගණනක් පෝලිමේ හිටපු අයට ලැබුණේ බොහෝම ඩිංගයි. අනිත් සේරම මංකොල්ලකාරයින් වගේ පුරවාගෙන ගියේ මාකට් එකේ කයිචාණ්ඩුවනුයි, පොලිස් බැරැක්කේ පදිංචි අයයි, ගම්පහ පොලිසියේ අයයි.., ඒ අවටම පදිංචි මැරයනුයි. පැය 16 ක් පෝලිමේ ඉඳලා ටෝකන් එකත් අරන් ගෙදර ආවා..
සෞඛ්‍යකාරයින් යාලුමිත්‍ර සියලු දෙනාටම තෙල් සපයලා ගෙදරත් තෙල් ස්ටොක් කරනවා. වින්නඹු අම්මලා කාර්වලට තෙල් ගහගන්න ඇවිල්ලා...