IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණා නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් වන "හෝමාගම පොඩි සම්පත්" නැමැත්තා රුපියල් ලක්ෂ 5කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග මාකන්දන කැකුළුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 650 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

පොඩි සම්පත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයා හෝමාගම ප්‍රදේශයෙන් වසන්වී කැස්බෑව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාට ලැබුණු තොරතුක් මත දින ගණනක් තිස්සේ සිදු කළ විමර්ශනය කර ඇත.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනයේදී ඔහු මත්කුඩු ජාවාරම සිදුකරන බවට සැක හැර දැනගත් පොලිස් නිලධාරීන් පොඩි සම්පත් නැමැත්තා නිවසට පැමිණෙන අවස්ථාවේදී මඟ රැක සිට අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

 



අදහස් (0)

කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site