
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ ආසන්නයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඒ අසලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමග විනාඩි කිහිපයක් සුහදව කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.
තමා ඉතිහාසයේ මෙවැනි දේශපාලන සටන්වල යෙදී සිටි ආකාරය සිහිපත් කරමින් අගමැතිවරයා මෙහිදී උද්ඝෝෂණයේ යෙදුණු මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කළේය.
විරෝධතාවක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි කර ගත යුතු බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රීවරුන්වන රාජිත සේනාරත්න, ඉමිටියාස් බාකීර් මාකර් සහ පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි දී අගමැතිවරයා සමඟ සුහද කතාබහක නිරත වනු දැකගත හැකි විය.
COMMENTS
පෙනේවනේ මේ අය හොඳ යාලුවෝ. මේ අය උද්ඝෝෂණ කරන්නේ මහා ජනයා රවටන්න පමණයි.
විපක්ෂයට උද්ඝෝෂණ නැතුව ගියාම ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා කියලා අගමැති දන්නෙ නැද්ද. මෙයා මේ උපදෙස් දෙන්නෙ ආණ්ඩුවේ වැඩට අකමැති නිසාද නැත්නම් විපක්ෂය මර්ධනයේ උපක්‍රමයක් නිසාද
මෙන්න මහත්මා දේශපාලනය
දෙගොල්ලන්ම එකයි. එකම බෝට්ටුවට දාලා යවන්න ඕන අය...
හොරු සමග හෙළුවෙන්...
ඔක්කොටම වඩා හොඳට, කොමිස් ගහන හැටි, හොරකම් කරන හැටි ඇහුවා නම් හොඳට මිනිහා කියලා දෙයි.
විරෝධතාවයක් වුණාම මිරිස් කුඩු ගහන්න ඕන, පොත් වලින් පුටු වලින් ගහන්න ඕන, කතානායකගේ පුටුවට වතුර හලන්න ඕන කියන වගේ උපදෙස් වෙන්න ඇති මේ අයට කියන්න ඇත්තේ.
පරම්පරා හැත්තෑවක් ගොඩගන්න ගහන හැටි කියලා දෙන්නත් පුලුවන්ද ?
මට මතක් වෙන්නේ 1956-1957 වරායේ වැඩවර්ජනය තිබුණු කාලේ බණ්ඩාරනායක මහතාව වර්ජකයින්ට කොටුවූ අවස්ථාවක, ඔබේ සටනට ජයවේවා කියා බණ්ඩාරනායක මහතා කියූ අවස්ථාවයි...
නැහැ නැහැ මහින්ද මහත්තයෝ අපේ කස්ටිය උදේ කන්න කැන්ටිමට ගිය ගමන් තාම ආවේ නැහැ .දවල් කෑමත් කාලා ගෙදර යන්න බලාගෙන ඒගොල්ලෝ මෙතනට ඒවි.
අරක්කු භාගයක් දීලා ලයිට් කණුවල නග්ගවන හැටි... ඒවත් කියලා දුන්නද?