නාලක සංජීව දහනායක
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට ක්‍රියාකරන බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවැසීය.
ඒ සඳහා පොදු දේපළ පනත යටතේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.
කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔයාල බලෙන් ආණ්ඩුව අල්ලාගෙන ඉන්නෙක හරිද.
වන්දි අයකරයි එක්කෝ මිල සුත්‍රයෙන් නැත්නම් බදු සුත්‍රයෙන්
දැන් ආණ්ඩුවක් හෝ ඇමති මණ්ඩලයක් හෝ නැතිනම්, මොහු කොහොමද ඇමති වෙන්නේ ??
මූනේ දැලි ගාගෙන මොකද?
ලංකාවේ චාලි චැප්ලින් මේ... හරිම විහිළු කාරයෙක්..
කව්ද බලෙන් ඉන්නේ? නීත්‍යානුකූල අගමැති ඉන්නේ අරලිය ගහමන්දිරයේ... ජනතාවගේ කැමැත්ත අනුව බහුතරයත් එක්ක ඉන්නේ එතුමා. අර හොර අගමැතිව තමයි යවන්න ඕනේ...
මහින්ද අගමැති වශයෙන් බලෙන් සිටීම ගැන නඩු පවරා වන්දි ලබාගනිමු.
වන්දි ගැනීම කෙසේවෙතත් වන්දි ගෙවන්න පුළුවන් වෙයි. නිකං රට රවටන කතා නොකියා පුළුවන් නම් අධිකරණයට ගිහිල්ලා අයින් කරන්නකෝ... අධිකරණය පිළිගන්නේ මහා මැතිවරණයකින් පත්වූ දැනට බහුතර බලය තියෙන ආණ්ඩුව... නිකං රට විනාශ නොකර තව ටිකක් ඉවසලා හිටියානම් මහින්ද මහතාට බලයට එන්න තිබුණා. යහපාලන රජයේ අඩුපාඩු නිසා එයට තවතවත් පාර කැපුණා. ඒත් ඔබ සැම ජනාධිපතිගේ උගුලේ හිරවුණා. දැන් ඉතින් කුම්බලා මාළු කෑවානම් දුක විඳපන් බල්ලෝ කිව්වලු...
අර සිංගප්පුරු ගිවිසුම අහෝසි කරනවා කිවා වගේද?
ඉතින් මන්ත්‍රී තුමා 113 පෙන්නලා එයාව එතනින් පිටමන් නොකරන්නේ ඇයි? සිකුරාදා එක කරන්න බැරිද?
මේ පින්තූරය දැක්කම කාලගෝල නාට්‍යය මතක් වෙනවා අප්පා...
ඩොලර් එක ඔන්න ඔහේ අමතක කරලා වෙන වෙන දේවල් කරමු.. නැද්ද?
මේ මනුස්සයගේ මූනේ අමනුෂ්‍ය පෙනුම ගැන කණගාටුයි ...
අවුලක් නැහැ 2500 මාසෙටම ගෙවන්න වෙන්නේ
වන්දි ගෙවලා ඉන්නවා විනාශ කළ මහජන දේපලවලට... 1500න් කන්න පුළුවන් ඇටිකෙහෙල්...
එ.ජා.ප. නායකයා අරලියගහ මන්දිරයේ බලෙන් ඉන්නවා කියන්න බැහැ. එතුමා පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් තිබෙන කෙනා. බලෙන් රජය අල්ලාගෙන රට අරාජික කරන්නේ කවුද කියලා දැන් රටටම තේරිලා තියෙනවා.
මහත්තයෝ, දැන් අර රුපියල පල්ලම් බහින එකේ වේගය අඩුවෙලාද?
19 ය හරියට කියව්වොත් වන්දි ගෙවන්නයි සිද්ධ වෙන්නේ..........
බලෙන් පාර්ලිමේන්තුවේ ඉන්න එකට මහජනයා ඔබලාගෙන් වන්දි ගනීවි..
මෙයා වන්දි ගත්තත් ලොකු ගණනක් වෙන්නෙ නැහැ. මොකද ? මාසික වියදම 10,000/= කුත් නොසෑහෙන කාලයේ 2500/= න් ජීවත්වෙන්න පුළුවන් කියපු කෙනානේ.
බලෙන් ඇමතිලා වුනාම වන්දි ගෙවන්න ඕන නැද්ද ?