රොමේෂ් මධුෂංඛ
යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීමට ගත් උත්සහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කර පලා ගොස් ඇති බව චුන්නාකම් පොලීසිය පවසයි.
අදාළ පහරදීම චුන්නාකම් පොලීසිය ආසන්නයේ පිහිටි ගෝල්ඩන් ජිම් නැමති ව්‍යායාම මධ්‍යස්ථානයට සිදුව ඇති අතර ඊයේ සවස යතුරුපැදි පහකින් 10 දෙනෙකු පැමිණ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන තුවාකරන් නැමති මන්ත්‍රීවරයා සොයා තිබේ.
එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා ව්‍යායාම මධ්‍යස්ථානයේ සැගවී සිටීම හේතුවෙන් පැමිණි පිරිසට මන්ත්‍රීවරයා සොයා ගැනීමට නොහැකි වීමෙන් ව්‍යායාම මධ්‍යස්ථානයේ තිබූ ව්‍යායාම උපකරණ වලට සහ ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කර ඇති ඇත.
කෙසේ වෙතත් චුන්නාකම් පොලීසිය ආසන්නයේම පිහිටි මෙම ව්‍යායාම මධ්‍යස්ථානය එල්ල වූ ප්‍රහාරය සමබන්ධයෙන් කිසිවෙකුත් චුන්නාකම් පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

2025 දෙසැම්බර් මස 04
678
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනයේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්