(ඩයනා උදයංගනී)
සේරුවිල යකඩ - තඹ නිධියෙහි රත‍්රන් තිබෙන බව තහවුරු වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර් සිරිවර්ධන මහතා පැවසීය.
සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම් - සී ප‍්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර 100ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත‍්රන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට රත‍්රන් කොටස් 4ක් පමණ වුවත් සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්වලවල මුළු කොටස් බිලියනයකට රත‍්රන් කොටස් 1000 ඉක්මවා පවතින බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මෙහි තවත් සාම්පලවල මුළු කොටස් බිලියනයකට රත‍්රන් කොටස් 60 - 200 අතර ප‍්‍රමාණයන්ගෙන් පවතින බව ද ආචාර්ය සිරිවර්ධන මහතා පැවසීය.
මෙසේ පවතින රත‍්රන් මගින් නිධියට නව ආර්ථික වටිනාකමක් එක්වන බැවින් එය ලාභදායී ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි සොයාබැලීම සිදුකරන බව ද ඔහු කියා සිටියේය.
ඒ අනුව මෙහි තවත් සාම්පල විශාල සංඛ්‍යාවක් රත‍්රන්, පැලේඩියම්, ප්ලැටිනම් වැනි අනිකුත් වටිනා මූලද්‍රව්‍ය තිබේද යන්න විශ්ලේෂණය කර ධනාත්මක ප‍්‍රතිඵල ලැබුණහොත් එය මෙම නිධිය සංවර්ධනය සඳහා ආයෝජකයන්ගේ සහය ලබාගැනීමට හැකි බව ද කාර්යාංශය පවසයි.
භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නිධිය පිළිබඳව ගවේෂණ කටයුතු ප‍්‍රථමයෙන් සිදුකර ඇත්තේ 70 දශකයේදී වන අතර අනතුරුව ප‍්‍රංශ රජයේ භූ විද්‍යා සහ කැණිම් පිළිබඳව පර්යේෂණ කාර්යාංශය සමග එක්ව සවිස්තර ගවේෂණයක් සිදුකොට වාර්තා සකස් කර තිබේ.
මෙම වාර්තා අනුව නිධියෙහි දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් මිලියන 03ක් පමණ වන බවත් ඉන් 40%ක් පමණ යකඩ වන අතර 1% පමණ තඹ බවත් සඳහන් වන්නේ යැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.
කෙසේ වෙතත් එවකට (1970-1980) තඹ, යකඩ සඳහා පැවති ඉල්ලුම් මිල සහ නිධියෙහි පැතිරීමේ ස්වභාවය අනුව එය ආර්ථික වශයෙන් ලාභදායී ලෙස කැණීම් කළ නොහැකි බවට නිගමනය කර තිබූ බව ද හෙතෙම පැවසීය.
යළිත් නවීන විශ්ලේෂණ උපකරණ භාවිත කර නැවත විශ්ලේෂණය කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර ඇති අතර ඒ අනුව ලබා ගන්නා ලද අහඹු සාම්පල 25ක් පමණ විශ්ලේෂණය කිරීමේදී ඉන් සමහර සාම්පලවල රත‍්රන් පවතින බැව් තහවුරු කරගෙන ඇතැයි ඔහු කියා සිටියේය.




COMMENTS
ඔන්න හොරු ටික ලැහැස්ති වෙයි ඒකත් හාරන්න.
මේවායේ මිල කළ නොහැකි සම්පත් තියෙනවා.ඒත් මේවායින් නියම ප්‍රයෝජන නොගෙන තුට්ටුවට විකුණන් කනවා.
හරියට වැඩේ කරගන්න පුළුවන් වුනොත් සංවර්දනය වෙමින් පවතින තත්වයෙන් මිදෙන්න පුළුවන් වෙයි.
මේ රටේ මොනවා තිබුණත් වැඩක් නැහැ. සමහරක් දේශපාලුවන්ට අවශ්‍ය ආනයනය කරලා කොමිස් ගැනීමටයි. රට ගැන හැඟීමක් නැහැ..
දැන් ඇමෙරිකාව ,ඉන්දියාව එතකොට චීනා දිනයි කියලා හිතන දේශපාලන පක්ෂයට හෝගාලා උදව් කරාවි.දිනන්නත් ඉස්සෙල්ලම කොන්ත්‍රාත් එක අත්සන් කරාවි. අවුරුදු 25 කට.රත්තරන් ගවේෂණයට. ඒ අය කවුරුත් රත්තරන් නිස්සාරණයට යොදාගන්නේ සයනයිඩයක්.( ෆෙරිසයනයිඩයක් හෝ ෆෙරෝ සයනයිඩයක් එහෙමත් නැතිනම් සෝඩියම් සයනයිඩ්) ලෝකයේ තිබෙන දරුණුම විෂ.මේ විෂ ද්‍රව්‍ය රත්තරන් නිස්සාරණය කළ පසු ඉවතලනවා. ඒ කියන්නේ අසල තියෙන ගඟට හරි ඇලට හරි එහෙමත් නැතිනම් කෙලින්ම පොළොවට අවශෝෂණය වෙන්න හරිනවා.මාස කිහිපයකින්ම විෂ මනුෂ්‍ය ශරීරවලට උරාගෙන ප්‍රතික්‍රියා එහෙමත් නැතිනම් විනාශය පටන් ගන්නවා.අප්‍රිකාවේ රත්තරන් කනින නිස්සාරණය කරන පැතිවල මිනිස්සු දහස් ගණන් දුක්විඳලා ලෙඩවෙලා මියයනවා.අදටත් එහෙමයි.රත්තරන් ස්වභාවිකව ගැරීමට ක්‍රමයක් තියෙනවා.එහිදී ඒ පාෂාණ කොටස් " රජ අම්ලයේ HNO3.3HCL දියකර අනවශ්‍ය කොටස් ඉවත් කරනවා.මේ ක්‍රමය සෙමින් සුළු වශයෙන් කරන ක්‍රමයක්. නමුත් කාර්මික ක්‍රමය ඉතාම භයානකයි.අනිවාර්යයෙන්ම විෂ - උග්‍ර විෂ පරිසරයට මුදා හරිනවා. ඒ නිසයි මම මෙය ලියන්නේ. රත්තරන් එතකොට තෙල් වගේ වටිනා දේවල් ලැබෙනවා කියන්නේ එක්කෝ රටේ වාසනාවක්. එහෙමත් නැතිනම් අවාසනාවක්.
රටක් හදනවනම් මේ තියෙන දේවල් හොඳටම ඇති.
ඔන්න චාන්ස් එක. අපට තව අහසින් යන්න පුළුවන් කාර් දෙක තුන ගානේ පර්මිට් ඉල්ලන්න පුළුවන් වෙයි. අමෙරිකාවෙන තව ගෙවල් දෙක තුනකුත් ඒ එක්කම ගන්න පුළුවන්.
දැන් රාජපක්ෂලා, රවී කරුණානායකලා මෙතන්ට සාම්ප්‍රාප්ත වේවි. පරිස්සමින්.
තවත් පරිසර හානියක් කරන්න හදන්නේ... අපේ රට ඉතාම පොඩියි. දිර්ඝකාලීනව හාරන්න තරම් යකඩ සහ රත්තරන් අපේ පොළවේ නැහැ. ඕවා හාරන්න ගියත් යකඩ සහ රත්තරන් බවට පත්වෙද්දී අධික පිරිවැය නිසා වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ. අපේ රටේ ගංගා ඇලදොළ බොහොම පොඩ්ඩයි තියෙන්නේ... දැනටමත් ඒවා දුෂණය වෙලා ඉවරයි. ඒ හින්දා මේවගේ දේවල් පටන් අරන් ඉතුරු ටිකත් විනාශ කරන්න එපා. අපේ රටට ගැලපෙන්නේ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තය. මේ කිසිම පාලකයෙක්ට මේක තේරුම් ගන්න බැහැ. කරුණාකර තරුණයන්ට සහ තරුණියන්ට මේ අංශ තුන ගැන උනන්දුවෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න බලධාරින් උනන්දු විය යුතුයි...
ආපසු අපේ රටේ පාලනයට එන්න දත කන රාජපක්ෂ සෙට් එකටනම් ඉහෙමල් පිපිලා ඇති ...