(යොහාන් භාසුර)
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කරන ගුරුවරුන්ට පරීක්‍ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාව හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සළසාගත නොහැකි බව ගුරුවරු ඇතුළු නිලධාරීන් දැනුම්දී ඇති බව කී ධර්මසේන මහතා ඒ හේතුවෙන් දෙවැනි අදියර සැළසුම් කර හෝ නොමැති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd