
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වසංගතය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කර ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
මේ යෝජනාව කතානායකවරයාට අද හෙටම භාරදීමට නියමිතව ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි
විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද (16) සිට ආරම්භ කෙරුණු බව සමගි ජන බලවේගය පවසයි .
ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය පෙරේදා (15) තීරණය කළේය .
මේ විශ්වාසභංග යෝජනාව නොපමාව විවාදයට ගන්නැයි සමගි ජන බලවේගයේ නායකයන් ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද ඉල්ලීමක් කිරීමට නියමිතය .








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැ... සෙට් එකම එකතුවෙලා කරපු එකක්නේ...
කන අත්සන ඇති ද?
කොහෙන් හිනාවෙන්නද මන්දා..? අර ඔයාලගේ කසිප්පු කාරයන් ගැන බැලුවොත් නරකද?
මේ මනුස්සයාව ආපහු පන්සලකට දාන්න.
58 දෙනෙක් තියාගෙන මොන විශ්වාස භංගද? විහිළු සපයන්නේ නැතිව රටට මේ මොහොතේ අවශ්‍ය දෙයක් කළොත් නරකද? සුපිරි වාහන ගෙනාවට ඔය කවුරුවත් විරුද්ධ වුණාද?
තකට තක විපක්ෂය.. එහෙන් ආණ්ඩුවේ විහිලු. මෙහෙන් විපක්ෂයේ විහිලු. පැහැදිලිවම රජය ගත්ත සාමූහික තීරණයකින් තොරව මිල වැඩි කරන්න බැරි බව මේ තොත්ත බබාලාට තේරෙන් නැතිව ඇති. ගේනවලා ආණ්ඩුවට විශ්වාස භංගය. ඔතන ලොකු බබා නෑ නේද?
දැන් බලාගන්න පුලුවන්
"ඒගොල්ලො සේරම යාලුවෝ මල්ලි"
බොරුවට ලකුණු දාගන්න කරන වැඩක්... ගම්මන්පිලද ආණ්ඩුවේ ලොක්කා?