(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 2.00 න් පසුව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, වනෝද්‍යානයට ඇතුළුවීමේ ප්‍රධාන දොරටු වන ඔහිය හා පට්ටියපොළින් ප්‍රවේශපත් නිකුත් කරන්නේ උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. එම්. පී. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ඇතුළු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹීම සඳහා දෙස් විදේස සංචාරකයන්ට කිලෝමීටර් 8යි මීටර් 8ක දුරක් පාගමනින් යායුතුව ඇති බවත්, ඒ සඳහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගතවෙන බැවින් එම කාලය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවත් ඒ මහතා කීය.
පා ගමනින් ගොස් නැරඹීම සඳහා මෙරට ඇති ප්‍රධානතම වනෝද්‍යානය හෝර්ටන්තැන්න වනෝද්‍යානය බවත්, එහි වෙසෙන වන සතුන්ට නිදැල්ලේ හැසිරීම පිණිස වනෝද්‍යානය සවස 6.00 ට වසා තැබෙන බවත්, පස්වරු 2.00 න් පසුව ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබුවහොත් වනෝද්‍යානයට එම වේලාවට ඇතුළුවන සංචාරකයන්හට පස්වරු 6.00 ට පිටතට පැමිණීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු කීය.
උදෑසන 6.00 වනවිට විදේශීය සංචාරකයන් වනෝද්‍යානය නැරඹීමට ඊට ඇතුළුවන බවත්, දේශීය සංචාරකයන්ටද හෝර්ටන්තැන්න වනෝද්‍යානය නැරඹීමට හැකි තරම් උදෑසන කාලයේ පැමිණෙන ලෙසත්, එවිට වනෝද්‍යානයේ නියම සුන්දරත්වය කලබලයකින් තොරව නිවී සැනසිල්ලේ නැරඹිය හැකි බවත් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජල උල්පත්වල ආරම්භය, පතන් බිම්වල නිදැල්ලේ සැරිසරන ගෝනුන්, විවිධ කුරුල්ලන්, උස් කඳු මුදුන්, මල්වර්ග ඇතුළු අතිශය සුන්දර පරිසර පද්ධතියකින් සමන්විත හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයෝ 500,000කට අධික ප්‍රමාණයක් වසරකට පැමිණෙති.



2025 නොවැම්බර් මස 04
163
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1581
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෝර්ටන්තැන්න නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ප.ව. 2ට අවසන්