
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය.
ආණ්ඩුව සමග එකට කටයුතු කළත් තමන්ගේ සහ පක්ෂයේ ස්වාධීනත්වය මේ ආණ්ඩුවට පාවා නොදුන් බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
මැතිවරණ ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පක්ෂය තුළ ශක්තිමත්ව සාකච්ඡා සිදුකරමින් පවතින බවත් රාජපක්ෂ මහතා එහිදී කීවේය.
මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය හෝ ඇතුළු ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
ජාතික සම්පත් විකිණීම ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන තරයේ විරෝධය පළ කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරය ඒ මතය තුළ සිටින බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇති බැවින් ආණ්ඩුවට තම මතය ප්‍රකාශ කිරීමට ඕනෑම වෙලාවක සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවෙන් ඉවත්වන්නේ දැයි එහිදී මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට තමන් සූදානමින් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් අපි ගාව හිටියා හරක්. දැන් අපි හරක් විකුනලා. ඒ හින්දා ඔය කතා වලට නම් රැවටෙන්න කවුරුත් නැහැ මයින්ද මාත්තයෝ. ආණ්ඩුව කියන්නේ හරියට අපි ද ඔය දැන් ඉන්න ලොක්කව චන්දෙ දීලා පත් කර ගත්තේ? යන එන මන් නැතුව හිටිය එයාව ඔහෙලානේ ගෙදරට ගෙන්න ගත්තේ. දැන් එය ඔහෙලව තුට්ටුවකට ගණන් ගන්නේ නැතුව හරියට එයාව අපි පත් කළා වගේ මේක එයාගේම ගෙදර වගේ වැඩ කරගෙන ගියහම අපිට මොන බහුබුතද මේ කියන්නේ? ඔයාලට ආයේ දුන්නත් වෙන්නේ කැරකිලා ඕකම තමයි. ඔයයි එයයි එකම කාසියේ දෙපැත්ත. ඔහෙලට ඉන්නේ හරියට වැඩක් කර ගන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. ගැහිල්ලම විතරයි ඒගොල්ලෝ දන්නේ.
නින්දෙන් ඇහැරිලා විකාර දොඩවනවා වගේ, ආණ්ඩුවේ ගමන හොද නැහැ කියලා දැන්ද මතක් උනේ. රනිල්ව ජනාධිපති කරන්න තෝරා ගන්නා විට මෙයා දැනගෙන හිටියේ නැද්ද රනිල් කියන්නේ කවුද, කොයි වගේ මිනිහෙක් ද කියලා. චන්දය ලංවෙන විට තමයි මෙයාට ආණ්ඩුවේ ගමන ගැන මතක් උනේ. පක්ෂයේ එවුන්ව බිලිබා ගන්න විට වෘෂභ පූත්‍රයාට යන එන මං නැතිවෙන විට හා තමන්ගේ න්‍යාය පත්‍රය රනිල් ලව්වා ක්‍රියාත්මක කරන්න බැරි වෙන විට, ඒක තමයි මෙයාට රනිල්ගේ ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නය. එහෙම නැතුව රටේ දේපොල කුණු කොල්ලයට විකුණන විට ප්‍රජාතන්ත්‍රවාදය අකුලන විට ඡන්ද කල්දාන විට රටේ සම්පත් නාස්තිය අවභාවිතව හා හොරකම එයාට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ ප්‍රතිපත්තියේ දී රනිල් හා එයා අතර වෙනසක් නැහැ.
බොරු රංගන
රටට පෙර අපි සහ පක්ෂය යන තේමාව යටතේ නැවතත් කෙලවන්න හදන්නේ,
බොරු සෝබන .මෙච්චර දවස් රනිල් තමයි ඔය සෙට් එකම බේරාගත්තේ .දැන් චන්දෙ ලං වෙනකොට හරියට අහසින් වැටුනා වගේ කතා. ඕවට රැවටෙන කට්ටිය ගොඩයි ඉතින්
ඔහොම කිව්වට ඔක්කොම යාළුවො මල්ලී
අනේ අපිට නම් ඔයාගේ වනචර දශකයට වඩා මේක හොඳයි . යේ මෙලෝ සම්මෙකදී රාජපක්ෂලාට මේ රටේ බලය ලැබෙන්නේ නැහැ . ඔහෙලට තණ්හාව වදෝ උණා . දැන් ඔය මොන රඟපෑම් කරන්න හැදුවත් ඔහෙලට ආයේ අපි රැවටෙන්නේ නැහැ . ගෝල්ෆේස් එක ඉස්සරහ හමුදා මුලස්ථානය විකුණුවේ අපිද ආයුබෝවන් ?
මහින්ද මහත්තයා, අපි ඔයාට පන ඇරලා ආදරෙයි. නමුත් පසුගියකාලේ ඔයාලට බැරිඋනා පාක්ෂිකයන්ව ආරක්ෂා කරන්න. ඒ ඔයාලාගේ අය අතරම තිබුනු ගැටීම් නිසා. ඒ කෙන් ප්‍රයෝජන ගත්තතේ අර 3% අය. දැන් පොඩ්ඩක් ඉන්න. ඔයාලට කරගන්න බැරුවහම මේක දාලා යන්නයි. ආයේ ගන්නයි හදන්න එපා. රනිල්ට කරගෙන යන්න දෙන්න. ජන්දෙන් ඕගොල්ලෝ එනවානම් එයි. හැබැයි නාමල්ට කැදත් නෑ කියන එක ෂුවර්. මොකද ඔබතුමාගේ මයිලකටවත් නාමල්ට කිට්ටුවෙන්න බෑ. ඒ තරම් ජනතාව නාමල්ව ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා රටට කරපු දේ මිනිස්සුන්ට අමතක නෑ. ඒ අය අවශ්‍ය වෙලාවට පිලිතුරු දෙයි. හැබැයි නාමල්ව, බැසිල්ව ඉස්සරහට ගේන වාරයක් පාසා ජන්ද අඩුවන බව මතක තියාගන්න. ඇත්තටම ආදරෙයි ඔබතුමන්ට.
රට වෙනුවෙන්ද පුතාගේ අනාගතය වෙනුවෙන්ද?
එතකොට උඹලා ආණ්ඩුවේ ඉන්නේ පාලිමන්ට් එකේ ඇතුලේ විතරයි ?චන්දෙ දුන්නේ බජට් එකට ?
ආණ්ඩුව උන්ගේ කියල අමතක වෙලා, නැගිටින්න මහින්ද ඔයා තම නිදිද ?
තමුන්ගෙ කාලයේ වාසිතකා මැතිවරණ පැවැත්වීම කලා පළාත් සභා මැතිවරණ එක එක පැවැත්වීම කලේ ආණ්ඩු බලය උපරිමයෙන් යොදාගෙන තමයි දැනුත් ආණ්ඩුව තමුන්ගෙ වුනත් ජනාධිපති වෙනත් පක්ෂයේ කෙනෙක් .වත්මන් ජනාධිපති කරන කටයුතු දිහා බැලුවම රාජපක්ෂ පරම්පරාවම අතුගෑවිලා යනවා කියලා ජනතා මතය අනුව තේරිලා ඇති.පැවති මැතිවරණ අනුව මහා මැතිවරණය පැවැත්වීමට නියමිත 2025 දී තමයි එහෙම තියෙද්දි දැන් මහ මැතිවරණය ඉල්ලීම කරන්නෙ රටට වඩා පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා පමණයි
ආර්ථිකය බංකොලොත් කරන්න කෙලින්ම දායක වුණු කෙනෙක් කියල සුප්‍රීම් උසාවියෙනුත් අච්චු කරල තියෙද්දී දැන් බයිලා කියනවා...
පච කාලය අවසන්
තවත් නාට්‍යක් එළිදක්වන්නයි හදන්නේ...
අපි ඔයාව ගෙදර තියන්න තීන්දු කරලා තියෙන්නේ. සොබාදහමේ තීන්දුවත් ඔයාට හෙට අනිද්දා දෙයි. එතකන් අපි නොඉවසිල්ලෙන් ඉන්නේ.
එතකොට මීට කලින් ගිය ගමනද රටට හොඳ කියල පැහැදිලි කලොත් නේද හොඳ. තව ඔය ආණ්ඩුවේ ඉන්න ප්‍රබල පොහොට්ටු කට්ටියමනේ රනිල්ට ඊ ළඟ පාරත් දෙන්න කියල උදේ-හවහ ජප කරන්නෙ ....රටට-ජනතාවට නම් ඔය සෑම ගමනක්ම කවරදාකවත් හොඳ වුනේම නෑ...
හිටපු ජනාධිපතිතුමනි, ඔබතුමා රට වෙනුවෙන් ගත්ත තීන්දු තීරණ හේතුවෙන් අද ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්ව ඇත. නැවත නැවත් අප ඔබතුමාට මුලාවෙමු.
අන්න අන්න නාකි මයින බුදුවෙන්න ඉන්න අප මහා බෝසතාණන් වහන්සේගේ චරිතය රඟපාන්න අර අඳිනව. හැබෑව තමයි බොලා බුදුන්ගේ ලේ ඥාතියෙක් කියල අර මළඟිය පරාණ කාරය කිව්ව. ඒ උනාට ඔය කතෝලිකය මොන ලබ්බක්වත් දැනගෙන කියපු කථාවක් නෙවෙයි ඒක. තමන් කොයිතරම් සුවච කීකරු හොරිකඩ සුනඛයෙක්ද කියල තමාගේ ස්වාමියාට ඒත්තු ගන්වන්න කළ ජඩ ක්‍රියාවක් ඒක. ඒක නෙවෙයි මයිනො උඹලට හෘදය සාක්ෂියක් කියල එකක් ඇත්තෙම නැද්ද බං? කොහොමද ඔය තරම් අපරාධ කරළ රෑට සුවසේ නිදාගන්නේ? හීනෙන් යමපල්ලෝ පේන්නේ නැද්ද?
හැරමිටි ගගහ තව ටිකක් හොරා කන්න පුලුවන් නෙ නේද මිනිස්සු දුක් විදිනව ඔබල රටෙි සමිපත් හොරා කාල රජසැප විදිනව අනික මිනිස්සු දැන් ඔබලට කැමති නැහැ රජෙක් වගේ ඉදල අද බල්ලෙක් වෙලා ඉන්නෙ මොකද බල තන්හාවයි හොරකමයි හින්ද කැමති නමි උපන් ගමෙි මිනිස්සු වදාපු දෙමව්පියන් මතක් වෙන්න හදපු දේවල් කඩාවි යැයි දැන්වත් උනුවතුර ටිකක් නාල කරපු හොරකමි වලට ටිකක් හරි සමාව ගන්න පිනක් දහමක් කරගන ඉදපන්
මහින්ද ඉන්නේ ආණ්ඩුවේ කියලාවත් මිනිහට මතක නෑ .මේ මන්දමානසික රැල එලවලා දෙනකම් රටට සෙතක් නෑ
මෙච්චර නාකි වෙලත් තාම බලේ අතහැරලා නෑ. මහජනතාවගේ බදු මුදල් වලින් සියලු සැප සම්පත් භුක්ති විඳින, පාර්ලිමේන්තුවරම් ප්‍රසාද වලට මුවා වෙලා වංචා දූෂණ හොරකම් වලින් මඩිය පුරවගන්න. චාට් ටු කතා, නරි නාටක පෙන්නමින් නාකි මයිනා නටන නාඩගම, මෝඩ චුන් වලට මොනවා කරන්නද ??????
මල්ලි රට ඉඳලා ඇවිල්ලා බොරු ඉංජෙක්ෂන් ගහලා පුම්බලා ආයෙමත් යනවා. ගිය සැරේත් ඕකම තමයි වුණේ.. මේ පාර නම් ඉතින් ලේසි වෙන්නේ නැහැ. රනිල්ගේ නැට්ටේ එල්ලුනේ නැතිනම්... ඉතින් සොරිම තමයි.
රනිල්ගේ හැටි හරියටම බලන්න පුළුවන් වෙයි වගේ...
මූට පිස්සුද අපිට පිස්සුද?
ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු තමුන් මේ හැම දේකටම වගකියන්ඩ ඕනේ .අධිකරණයෙන් පවා වරදකරු වෙචිච තමුන්ට ලැජ්ජාවක් නැතිකම.
මේ සාපය රටින් ඉවත් වෙච්චදාට ලංකාවට සෙතක් වෙනවා
ඉතාමත් සත්‍ය අදහස් වලට වැඩියෙන් අකැමැත්ත ලකුණු කළාට ජනතාව මහින්ද මහත්තයා ගැන හොඳින්ම දන්නවා මහින්ද මහත්තයා... පිස්සු කතා කියලා ඒවාට අකැමැති ලකුණු පුරවලා තමනුත් පොහොට්ටුවත් පුම්බන්න දැඟලුවා කියලා බලාපොරොත්තුව සිටින කිසිම ප්‍රතිඵලයක් පොහොට්ටුවට ලැබෙන්නේ නැහැ.. එනිසා මුන්දැගේ කතාවලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සිටිමු...!
පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝනේ ආණ්ඩුවේ ඉන්නේ? ගමන හොඳ නැති වෙන්නේ කොහොමද?පව්ලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම බන්කොලොත් කෙරුවා මදිවට තව බේගලුත් ගහනවා.
ඊට කලින් පැවැති දූෂිත පවුල් පාලන ආණ්ඩුව හොඳ වැඩි නිසා වෙන්ඩැති ජනතාව පැන්නුවේ. කෑම්ප් එකක හැන්ගිලා හිටියේත් ඒක නිසා වෙන්න ඇති...
මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනතාව ඔයාට ආදරේ කරපු හැටියට ඔයා ජනතාවට ආදරය කරනවා වෙනුවට රටටම නැති කර මෙම රට අගාධයට ඇද දාපු පියා ලෙසින් ඉතිහාසය එක්වී ඇත...