(විමුක්ති එස් රුද්‍රිගු)
සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගෙවී ඇතත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කළේය.
වංචා හා දූෂණ අවසන් කිරීමටත් බලය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීමටත් ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවලට වසර දෙකක කාලයක් ගතවී ඇති බවත් එහිදී සැබෑ වෙනසක් ලබාදෙන බව පාලකයන් පොරොන්දු වුවත් අදටත් එම ඉල්ලීම් බොහොමයක් ඉටුව නැතැයි වෝකර් ටර්ක් මහතා පැවැසුවේය.
එපමණක් නොව 2021 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණවී ඇති බවත් ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරා ගැනීමටත් අධ්‍යාපනය සහ බලශක්තිය අතරින් එකක් තෝරා ගැනීමටත් අසරණ වන පවුල් සංඛ්‍යාව දිනෙන් වැඩිවී ඇති බවත් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයද ලබා ඇත්තේ සීමා සහිත ප්‍රගතියක් බවත් එම ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යැයි චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට දිගටම ඉහළ තනතුරු ලැබෙමින් තිබෙන බවත් ටර්ක් මහතා පැවැසුවේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘අරගලකරුවන් ඉල්ලූ වෙනස පාලකයන් දී නැහැ‘‘
මහාසෙන් Tuesday, 10 September 2024 11:22 AM
තව ටික දිනක් කළබල නොවී ඉන්න මහත්මයා .අරගලෙන් ඉල්ලපුවා මදි නොකියන්න දෙනවා.ඉවසන්න!!!
අරවින්ද මොනරවිල Tuesday, 10 September 2024 11:33 AM
අපොයි මේ මොනවද කියන්නේ, කන්න අතේ සතේ නැතත් සිලින්ඩරේ ගෑස් තියෙනවා, ගමන් බිමන් යන්න බැරි උනත් ෂෙඩ් එකේ තෙල් තියනවා, අපි අදුරේ හිටියත් රටේ ලයිට් තියෙනවා. ඉතීන් තව මොනවද...
G ajith Tuesday, 10 September 2024 11:52 AM
කවුද බං මේ අරගල කාරයෝ ඉල්ලපු එක තමයි ඔය දීලා තියෙන්නේ. දැන් අරගල ඉල්ලුවේ ගෝටට ගෙදර යන්න කියලානේ කිව්වේ. ඉතින් ඒක තමයි කරේ. ගෝඨ විතරක් නෙමෙයි මහින්දවත් ගෙදර යැව්වා අපි.
Nelu Tuesday, 10 September 2024 05:10 PM
@G Ajith. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ගෙදර ඇරලා ඔයගොල්ල මොනවද ලබාගත්තේ. ඉඟුරු දීලා මිරිස් නේද. අරගලකාරයන්ට දුරදිග හිතන නුවණ නැතුව කරපු දෙයින් දිනුවේ රනිල්. දැන් සතුටුද කියලා අහන්නේ නැත්තේ පැරදුනේ අපේ රට නිසා. අපේ නෑදෑ පවුල්වල අයත් අරගලේට ගියා. ඊගාවට මොකද වෙන්නේ කියලා ඇහුවම කිව්වේ කවුරු හරි කරන්නේ නැතැයි කියලා. ඔන්න මොළවල තරම. අන්තිමට බැලුවාම වල් ඌරො කැකුණ තලලා දීලා හබන් කුකුළෝ මගුල් කෑවා. නියම අරගල කාරයො යටි උගුල් කාරයන්ගේ ලණු කාලා රට වැටෙන්න තමුණුත් හවුල් වුණා. අද රනිල්ට බණින ගොඩක් අය මේ ටික තේරුම් ගත්තේ නෑ. ගෝඨා ගියේ නැත්නම් රනිල් අද ඔයාලට ලොකු සයිස් දාන්නේ නෑ. අන්න ඒක නිසා හොඳට හිතලා ඡන්දය දෙන්න.
ANURA ROME Tuesday, 10 September 2024 12:02 PM
බංගලාදේශය වගේ වෙන්නැති නේද. ?මෙයා හදන්නෙ ගිනි තියන්න
ජනරළ Tuesday, 10 September 2024 12:12 PM
අරගලයෙන් ඉල්ලු වෙනසක් ගැන කතා කරනවා. වෙනස නෙමෙයි මෙහේ දැන් පාලනය කරන කට්ටිය කියන්නේ අරගලය එහෙම පිටින්ම ත්‍රස්තවාදී අරගලයක් කියලා. තව පොඩ්ඩෙන් ඒගොල්ලෝ සුනේ සුන්ලු. ඒගොල්ලෝ එකෙන් බේරුනේ රනිල් තුමා නිසා ලු. ඇයි, එයා ඇවිත් දුන්නනේ මිනිස්සුන්ට කඳුළු ගෑසුයි ජල ප්රහාරයි බටන් පොලු සංග්‍රහයි දිගට හරහට. ඒවා තමයි එයා හිතන් ඉන්නේ මිනිස්සු ඉල්ලපු සහ මිනිස්සුන්ට දෙන්න ඕනි නියම ඔරිජිනල් වෙනස් කම් ප්‍රතිසංස්කරණ කියලා.
mahesh Home Tuesday, 10 September 2024 12:16 PM
රනිල් වරද්ද ගත්ත ලොකුම තැන තමයි අරගලය හරියට තේරුම් නොගත්ත එක , අඩුම තරමින් ඒ කියපු ඉල්ලීම් වත් ඇහුම් කන් දුන්නේ නැත . ඔහුගේ කැබිනෙට්ටුවටම් අරගලය වචනය ද නයාට අඩු කොළ සේය . අරගලය දුන් පණිවිඩය තේරුම් ගෙන ක්‍රියා කරේ නම් රනිල් ට අදට වඩා මහජන ප්‍රසාදයක් ලැබ ගැනීමට ඉඩ තිබිණි.
Manjula Pradeep Tuesday, 10 September 2024 12:52 PM
කමක් නෑ පලස්තීනේ ඉල්ලපු වෙනස ලබා දීලා තියෙනවානේ
වත්සි Tuesday, 10 September 2024 01:00 PM
ඔච්චර කලබල වෙලා නිවේදන නිකුත් කරන්න අවශ්‍ය නැහැ. දින කීපයකින් එළඹෙන ජනපතිවරණයේ දී නුවන් බෝපගේට ලැබෙන ඡන්ද ගණනය කළාම අරගලයට මිනිස්සු කොච්චර කැමැත්තක් දැක්වූවාද යන වග බලා ගන්න පුළුවන්. මෙයා කියන බහුබූත නිසා කරපු අරගලයක් නැහැ.
Udaya Tuesday, 10 September 2024 01:05 PM
ඉතාමත් නිවැරදි පසු විපරමක්.....
Prabha Tuesday, 10 September 2024 01:19 PM
සේරම එයා කළා කියලා තමයි කියන්නේ
Banda Tuesday, 10 September 2024 01:20 PM
කල්ක්‍රියාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා හොඳට පවත්වාගෙන යන බවට ජාත්‍යන්තර සහතිකයක් ලැබිලා. ජයවේවා!!
සුධීර Tuesday, 10 September 2024 01:22 PM
කතාව ඇත්තයි. එකම හැතිකරේ තමයි තවම ඉන්නේ.
Nishan Tuesday, 10 September 2024 01:57 PM
ණය ගෙවන්න ඔයාල ද සල්ලි දෙන්නේ? එක්සත් ජාතීන් කියලා ඔයාලා කරපු උදව්ව මොකද්ද රට බංකොලොත් වුණ වෙලාවේ? ඔයා නොදන්නවාට අල්ලස් හා දූෂණ කොමිසමක් පත් කරලා සියළුම පරීක්ෂණ ස්වාධීන කරලයි තියෙන්නේ 1994 ඉඳන්. ඡන්දේ තියන්නෙත් ස්වාධීනව කොමිසමකින්. ඔයාලා තමයි අපේ රටේ ගිනි ඇවිලුවේ.
Ranathunga Tuesday, 10 September 2024 02:00 PM
ඒක තමයි ඡන්දයක් දීල තියෙන්නෙ.
සෑම් Tuesday, 10 September 2024 02:05 PM
ලංකාව පිලිබඳ ඉතාමත් නිවැරදි කියවීමක්. රට අර්බුදයෙන් ගොඩ ගත්තා යැයි කියන නායකයන්ට කණේ පහරක්. දැන්වත් ජනතාව රටේ තත්වය ටිකක් හරි තේරුම් ගනයි කියලා හිතනවා
Lal Tuesday, 10 September 2024 02:22 PM
බංග්ලාදේශය, යුක්රේනය, පකිස්ථානය, සිරියාව, ලිබියාව, ඉරාකය වගේ කොරන්න බැරි වුනාට හිත රිදිලා.
රංබොඩ Tuesday, 10 September 2024 02:27 PM
මේ බටහිර මිනිසුන් නම් රටට මොකක් හරි ප්‍රශ්නයක් ඇදලා අරගෙන හිර කරන්න හදනවා මිසක ජනතාවට ඇති.ආදරයකින් කතා කරනව නෙවෙයි. කොට් ඉවර කළා කියලා පස්ස ගිනි තියාගෙන දැඟළුවා. දැන් අරගලයක් අල්ලගෙන දඟළනවා . රටේ ප්‍රශ්න විසඳගන්න ඡන්දයක් එනවා. මිනිසුන් තමන් කැමති නායකයෙක් පත් කරගනී.
ලසන්ත Tuesday, 10 September 2024 02:29 PM
ලංකාවේ දුප්පත්කම දෙගුණ වී, දුප්පතුන්ට ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරාගැනීමට සිදුවී ඇත්නම්... පොහොසතුන්ගේ වත්කම් හා ධනය, මිළදී ගනීමේ හැකියාව සහ පාරිභෝජනය කී ගුණයකින් වැඩිවී ඇත්ද? ඒවත් හොයලා දැම්මොත් නේද හොඳ? මොකද ඒ ගොල්ලන්ගේ දේපොල වත්කම් තියෙන්නේ මෙහෙ නෙවෙයිනේ!
ගමේ එකාලා Tuesday, 10 September 2024 02:41 PM
ජනාධිපතිවරණයෙන් පස්සේ වෙනස දකින්ඩ බැරි වෙන එකක් නැහැ.
Wijepala Tuesday, 10 September 2024 03:31 PM
අරගලය කෙරෙව්වේ මොවුන් කියලා පැහැදිලි වෙන්නෙ ඔවුන්ගේ බලාපොරොත්තුව අනුව රට අරාජික නොවුණු නිසා කියලා කියන්න පුළුවන් ලෝකයේ එකිනෙකා මානව හිමිකම් කියමින් කොටව කොටවා ඔවුන් කරන්නේ උන්ගේ බඩගෝස්තරයට ලෝකයා සූරාකෑම හා යටිමඩි ගැසීම කියලා කියන්න පුළුවන් උන්දැලා පුප්පන්නේ අපි වගේ පුංචි අයට මිස ඇමරිකාව රුසියාව චීනය වගේ ලොක්කන්ට නොවෙයි මහ එවුන් මොනවා කලත් උන්ට පේන්නෙ නැහැ ඇහෙන්නෙ නැහැ වල පතුලටම වැටුනු එකාට මුලින්ම කරන්න ඕන ගොඩට ගැනීම ඊළඟට කුසගින්නට විසදුමක් දීලා ප්‍රතිකාර කරලා තමයි ඇදුම් පැළදුම් ගැන බලන්න වෙන්නේ රටේ තිබුණ තත්වය අනුව දැනට ගොඩට අරගෙන වගේ තමයි ඉන්නෙ පොඩ්ඩක් ශරීර ශක්තිය හදාගෙන ඊළඟ කටයුතු කරන්න ඕන ඔය සංවිධානයේ එකා කරන්න හදන්නේ ආයෙමත් වලට තල්ලුවක් දෙන්න බවයි පේන්නෙ
Rama Tuesday, 10 September 2024 05:15 PM
@wijepala. විජේපාල හරිම වැදගත් දෙයක් කියලා තියෙන්නේ. ලංකාව ලිබියාවක් කරන්න බැරිවුණු හිතේ අමාරුවෙන් තමයි මේ එක්සත් ජාතීන්ගේ සංගමය අඬන්නේ. ප්රභාකරන් නැතිකරපු තැන ඉඳලාම ඔය අමාරුව එයාලට තියෙනවා.
විජිත් Tuesday, 10 September 2024 04:47 PM
#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!
fairoos Tuesday, 10 September 2024 05:27 PM
ඉතින් නන්දසේන විතරනේ දාලා දිව්වේ .අනික් සෙට් එක යස අගේට කරගෙන යන්නේ . උන් ටිකත් එවනකම් කොහොමත් මෙහෙම තමයි ඉන්න වෙන්නේ
උදිත Tuesday, 10 September 2024 05:43 PM
මේ සංවිධාන කාරයෝ ඔක්කොටම ඕන කරන්නේ ලෝකය පුරා ආර්ථිකය දුර්වල රටවල්, දේශපාලන වශයෙන් ද දුර්වල හා අස්ථාවරකර අර්බුද නිර්මාණය කර ඔවුන්ට ඕනෑ ලෙස නැටව්මයි, සම්පත් සූරා කෑමයි.... දේශයන් ගිනි ගන්නවා දැකීම ඔවුන්ගේ සතුටයි..... රටක පාලකයන් ලෙස ඔවුන්ට ඕන කරන්නේ අත්දැකීම් නැති අපරිනතයින් ය..... එවිට ඔවුන්ගේ අරමුණු මැනවින් ඉටුකර ගත හැක..... ඇගපත ශක්තිමත් වූ පමනින් රටක් පාලනය කල නොහැක, අත්දැකීම් බහුල පරිනත බුද්ධියක්, රාජ්‍ය තාන්ත්‍රික සබදතා , හා මනා කළමනාකරන දැනුමක් ද තිබිය යුතු වේ. රට වැසියා ද යම් දැනුමක් කියවීමක් ඇති අයකු විය යුතුය....
kumara Tuesday, 10 September 2024 05:47 PM
දී කිරට බළල්ලුත් සාක්කිලු! අරගලයෙන් යන්තම් රනිල්ව ගෙනාවත් කොල්ලා දොට්ට වැටෙන නිසා තව අවුස්සන්න ක්‍රම හොයනවා. මුං හිතුවෙ නෑ ජවිපෙ ඒවි කියලා. හිතුවෙ රනිල් ගේනවා, ආගම නැති කරනවා, වරායවල් ටික ඇමරිකාවට දෙනවා, තීරයත් දෙනවා, වැඩේ ගොඩ කියලා. හැබැයි හිතුවට වඩා එහාට ගිහින් රනිලා සම්පූර්ණයෙන් අයින් කරලා ජවිපෙ එනවා කියලා දැන් භය වෙලා. ජවිපෙ ආවොත් ඉහත දේවල් කරන්න හම්බ වෙන්නෙ නෑ. යන යකා කොරහත් බිදගෙන යනවා කියනවා වගේ රනිලා යන්නේ කොයි කොරහ බිදගෙනද කියලා පරිස්සමෙන්. NPP රටක් කියන්නේ නටවන්න අමාරු එකක් බව තේරිලා මේ මොහොතේ මොන හොර ගිවිසුම් ගහවිද දන්නෙ නෑ රනිලා සහ මේ ජාත්‍යන්තර හොරු.
don Tuesday, 10 September 2024 06:15 PM
කොච්චර බැරි උනත් මුන්ට එකෙක්ට ගෙදර යන්න බැහැ ඉල්ලා අස්වෙලා . මොකද බලය නැති උනොත් කරපු හොරකම් අහුවෙන හින්දා කොහොම හරි බලයේ ඉන්න තමයි බලන්නේ
Nandana Tuesday, 10 September 2024 06:55 PM
අපේ රට ගැන නොදන්න දේවල් කතා නොකර ඉන්න
Chandima Tuesday, 10 September 2024 08:13 PM
රනිල් ඉන්නකල් නොකරපු දේ යන්න සතියක් තියා දකින්නේ රනිල්ගේ වරද පෙන්නන්නද ? නැතිනම් ඵන එකාව හිරකරන්නද?
Chandima Wednesday, 11 September 2024 02:00 AM
රනිල් යන දවස වෙනකල් කට පියාගෙන ඉදල මේක එලියට දැම්මේ රනිල්ට පහරදෙන්න නෙමෙයි. අලුතින් එන ආන්ඩෝවට ආපු දවසේ ඉදන්ම කොනිත්තන්න පොටක් පාදගන්න කියලයි මට හිතෙන්නේ. අපි බලමු.
siri Wednesday, 11 September 2024 05:20 AM
රට ගොඩ දාපු හැටි තමා ඔයා ගොඩ ගියේ අලි බබා සහ හොරු 134
Asanga thiththagalla gamage Wednesday, 11 September 2024 10:08 AM
මුන් ලන්කාවේ විතරක් මානවහිමිකම් බලන්න එන්නේ අනිත් රටවලත් බලපල්ලකෝ.
de silva Wednesday, 11 September 2024 10:24 AM
මේ මනුස්සය කියන කතාවේ විශාල අත්තක් තිබෙනවා , රටේ ප්‍රශ්න විසදන්න නම් අද්යාපන ,වුර්තිය පුහුණු , සවුක්ය සේවය ,අහර නිෂ්පාදනය සහ බෙදාහැරීම , බලශක්ති ශේත්රයේ සහ රාජ්‍ය සේවයේ විශාල ප්‍රතිසංස්කරණ සිදු වෙන්න ඕනේ , නමුත් එහෙම දෙයක් සිදුවන බව පසුගිය වසර දෙකේම දුටුවේ නැහැ , බොහෝ අපේක්ෂකයෝ දෙන පොරොන්දුවල එම දේවල් සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් දකින්න බැහැ