IMG-LOGO

2023 ඔක්තෝබර් මස 03 වන අඟහරුවාදා


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිවීම ගැන කණගාටු වන බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොලඹදී අද (15) පැවසීය.

ජනතාවගේ අභිමතාර්ථ ඉටු කරනවා වෙනුවට වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන්  තම  අවශ්‍යතා වෙනුවෙන්  රටේ නීති රීති වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් කරා රට ගෙන යමින් තිබෙන බවද  සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව රාජගිරියේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද කීය.

           “දැන් මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අයිතිකාරයෙක් නැහැ. මේක හැදුවේ කවුද කියලා ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අලි සබ්රි දන්නේ නැහැ. ජී එල් පීරිස් මහත්තයා දන්නෙත් නැහැ. උදය ගම්මන්පිල , විමල් වීරවංශ යන මහත්වරු දන්නෙත් නැහැ. රටේ අගමැතිටත් ඒකට උත්තර නැහැ.

තමන් දන්නෙ නැති ව්‍යවස්ථා කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇයි කියලා අපි රටේ අධිකරණ ඇමතිගෙන් අහනවා. ඔහු වගකීම් විරහිතව කටයුතු කරල කියලා මේකෙන් පැහැදිලි වෙනවා.

දේශපාලන පක්ෂවලින් , සිවිල් සංවිධානවලින් , ජනතාවගෙන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විශාල විරෝධතාවයක් එල්ලවෙලා තියෙනවා.

රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන මේ පනත් කෙටුම්පත පැය විසි හතරක් තුළ ඉදිරිපත් කර තිබෙනවා. රටේම  මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ විදිහට වගකීම් විරහිතව සංශෝධනය කරන්න හේතුව මොකක්ද කියලා මේ අය වහාම රටට හෙළි කළ යුතුයි.

ජනතාවගේ අභිමතාර්ථ ඉටු කරනවා වෙනුවට අද මේ අය ඔවුන්ට අවශ්‍ය විදිහට රටේ නීති රීති වෙනස් කරමින් යනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් කරා රට ගෙන යමින් තිබෙනවා. එම්.සී.සී ගිවිසුම  අත්සන් කරලා තමන්ට ඕන ඕන විදියට වැඩ කරන්න තමයි මේ අය ලෑස්ති වෙන්නෙ.

දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ, රැකියා අහිමි වෙලා, ආදායම් මාර්ග අහිමි වෙලා, ජීවන වියදම ඉහළ ගිහින්. මේවා තමයි මිනිස්සුන්ට තියෙන ඇත්ත ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව 20 ගෙනල්ලා තමන්ගේ අභිමතාර්ථ ඉටු කරමින් යනවා. මේක ජනමතයට පයින් ගැහිල්ලක් කියලා අපි දකිනවා.

දැනටමත් මේ ආණ්ඩුව නීති විරෝධීව කටයුතු කරනවා. මේ ආණ්ඩුව පත් වෙච්ච මේ කෙටි කාලය තුළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩලා දැම්මා, සිංහරාජය මැදින් පාරක් කැපුවා, පුත්තලම අභයභූමිය විනාශ කළා. මේ එකකටවත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් එතනෝල් ගෙන්වීම තහනම් කරා කිව්වට ජනවාරි සිට  අගෝස්තු 31 වෙනිදා වෙනකම් එතනෝල් ලීටර් විසි එක් ලක්ෂ හැත්තෑදහස් නමසීය හැට එකක් ගෙනල්ලා තියෙනවා. විස්කි , බ්‍රැන්ඩි  සහ වයින් තොග වශයෙන් මේ කාලය තුළ ගෙන්නලා තියනවා.

ඒත් රටට අවශ්‍ය කහ ගේන්න මේ අය කටයුතු කරලා නැහැ. ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම මේකද කියලා අපේ ප්‍රශ්න කරනවා.

කෝපා කමිටුවල සභාපති තනතුරු සඳහා ආණ්ඩුවේ  මන්ත්‍රීවරු පත්කර  තිබෙනවා. මේ දෙකේම මෙයට පෙර හිටියේ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්. ඒ නිසා තමයි මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ.

ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය ඇතුළු ආයතන විගනණයෙන් ඉවත් කරලා තියෙනවා. දැන් විගණකාධිපති විමර්ශනය කරන්නේ මොනවා ගැනද කියලා අපි අහනවා. වංචාවට දූෂණයට අවස්ථා ලබාගන්න තමයි මේ දේවල් කරන්නේ.

19 තියෙද්දී මෙහෙමනම් 20 සම්මත වුනොත් මේ අය කොහොම රට පාලනය කරයිද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. මෙහෙම සංශෝධනයක් ජනතාව ඉල්ලුවේ නැහැ.

තමන්ගේ පැවැත්ම ගැන හිතන්නේ නැතුව රටත් ජනතාවත් ගැන හිතන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ ඒකාධිපති වැඩපිළිවෙළට එරෙහි එකතුවන්න කියලා නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලා සිටිනවා.

 



අදහස් (0)

‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘

ඔබේ අදහස් එවන්න

දියත

ඉමිතියාස්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
2023 ඔක්තෝබර් මස 03 117 0

පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතත්වයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් තු


සංගක්කාරට අලුත් තනතුරක්
2023 ඔක්තෝබර් මස 03 409 0

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රි


ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක්
2023 ඔක්තෝබර් මස 03 425 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.


ලංකාව තුළ දූෂණ තවමත් ක්‍රියාත්මකයි
2023 ඔක්තෝබර් මස 03 321 0

දූෂණයට එරෙහි වීමට වසර 50 කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව උත්සාහ කළත් ශ්‍රී ලංකාව තුළ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව පසුගිය 30 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුද


උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉත්වෙති
2023 ඔක්තෝබර් මස 03 353 0

මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධ


‘සිද්ධියේ වගකීම විනිසුරු බාරගත යුතුයි’
2023 ඔක්තෝබර් මස 03 716 0

යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් එලෙස බලපෑම් කළ පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට සියලු බලතල තමා අත තිබියදී එලෙස කටයුතු නොකිරීම නිසා මුලතිව් හිට


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2205 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 801 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 459 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site