
(පී. ශාන්ත බණ්ඩාර සහ චමින්ද වැවතැන්න)
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ මාවනැල්ල පහළ කඩුගන්නාවේ දී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු අද 28 වැනිදා අලුයම මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර වෙලම්බොඩ ප්රදේශයේ පදිංචිව සිටි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් (81297) නිකපිටියේ ගෙදර වසන්ත කුමාර ජයවර්ධන නැමැති 37 හැවිරිදි තිදරු පියෙකි.
මිය ගොස් ඇති පොලිස් කොස්තාපල්වරයා පෙරදින සේවය කොට රාත්රි සිය යතුරු පැදියෙන් වෙලම්බොඩ නිවස දක්වා ගමන් කරමින් සිටිය දී පහළ කඩුගන්නාව ප්රදේශයේ දී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන කාණුවකට පෙරලී පොලිස් කොස්තාපල්වරයා මුනින් අතට වැටී එම ස්ථානයේ දී මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පැවසීය.
පසුව 119 දරණ හදිසි දුරකතන අංකයට ලබා දී තිබුණු තොරතුරකට අනුව මාවනැල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරින් කණ්ඩායමක් ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කර දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මාවනැල්ල රෝහලට රැගෙන ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd