
(රංජිත් රාජපක්ෂ)
2027 අයවැයට එරෙහිව ඇතැම් රාජ්ය සේවක වෘත්තීය සමිති 30 වැනි දින ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනයට කිසිදු සහායක් ලබා නොදෙන බව හැටන් බෝගහවත්ත ප්රදේශයේ වතු කම්කරුවෝ පවසති.
බෝගහවත්ත හින්දු කෝවිලට අද පෙරවරුවේ පැමිණි වතුකම්කරුවෝ රජයට ආශිර්දාව පැතූහ. වැඩවර්ජනය කිරිමට සැලසම් කර ඇති වෘත්තීය සමිතිවලට එරෙහිව පොල් ගැසූහ.
එහිදී ඔවුන් කියා සිටියේ වත්මන් රජය විසින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම ඇතුළු රජයේ ගෙනියන වැඩපිළිවෙළට තම සහයෝගය දක්වන බවයි.
සමස්ථ රාජ්ය සේවකයන් රජයට සහාය දැක්විය යුතු බවත්, රජයට එරෙහිව ගන්නා වෘත්තීය සමිති ක්රියාමාර්ගවලට තම විරෝදය දක්වන බවද වතු කම්කරුවෝ මෙහිදී පැවැසූහ.
සමස්ථ වතුකරයේ ජනතාව 30 වැනි දා සුපුරුදු පරිදි තේදළු නෙළීමෙ කටයුතුවල නියැලෙන බව උද්ගෝෂණයේ නිරත වතු කම්කරුවෝ ප්රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd