IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’

(නිමල කොඩිතුවක්කු)
 
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනතා අභිලාෂයන්ට පයින් ගසා ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද(24) පැවසීය.
 
කොරෝනා වසංගතයත් සමග කඩාවැටි ඇති ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් කිසිදු අවධානයක් යොමුකර නැතැයිද ඔහු එහිදී සඳහන් කළේය.
 
රට මුහුණ දෙන  අභියෝගවලට විසදුම් ලබාදෙන ආකාරයේ  කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නොමැතිවීම ගැන විපක්ෂය කනගාටුවට පත්වන බවද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙසේද කීය.
 
 “ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුට ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශනයක අවධානය යොමු කළ යුතු මූලික කාරණා එහි තිබෙනවා අපි දැක්කේ නැහැ. ඒ මොහොතේ රටේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අනාගතයේ ක්‍රියාත්මක කළ යුතු වැඩ  පිළිවෙළ පිළිබඳ තමන්ගේ කාලසටහන ඉදිරිපත් කිරීම ආණ්ඩුවක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ ඉදිරි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේදී අපේක්ෂා කරනවා.
 
රටේ ගැටලු විසඳනවා වෙනුවට අද ආණ්ඩුව දිගින් දිගටම කතා කරන්නේ දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කිරීම පිළිබඳවයි. 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ද මේ රටේ ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතාවය වෙලා තියෙන්නෙ කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා. ජනතාවට මේ වෙලාවේ ඕන 19 විසි කරන එකවත් 20 අලුතෙන් ගේන එකවත් නෙමෙයි. කොරොන වසංගතයක් එක්ක රට මුහුණ පාලා තියෙන ආර්ථික සමාජ ව්‍යසනයෙන් ගොඩ එන්න වහා ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළක් පිළිබඳව අද ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.
දහනම වන ව්‍යවස්ථාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න වැදගත්ව තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. පසුගිය කැබිනට් මණ්ඩලයෙන් දහනම වන ව්‍යවස්ථාව අහෝසි කරන්න තීරණය කළාය කියන ප්‍රතිපත්තිමය තීන්දුව එලියට දානකොට විධායක ජනාධිපතිවරයා ගේ කාල සීමාව හෝ දෙවරක් තරග කිරීම පිලිබඳ  සීමාව අහෝසි කරන්නේ නැහැ කියලා කියනවා.
 
ඒ අනුව දහනමය අහෝසි කිරීමේ මූලිකම උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ  ද්විත්ත පුරවැසියන්ට මැතිවරණයට තරග කරන්න තියෙන අවකාශය නැවත ලබාගැනීමට සහ ස්වාධීන කොමිෂන් සභා හරහා ආණ්ඩුවට ඕන විදිහට දේශපාලන අතපෙවීම් කරන්න තියෙන අවකාශය වළක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම් සඳහා රාජ්‍ය සේවය විවෘත කරන්නයි. මේකද ජනතාවගේ මූලික අවශ්‍යතාවය කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.
 
එක පුද්ගලයකු හට බලය පැවරීම සඳහා ක්‍රියාදාමයකට තමයි මේ අය අවතීර්ණ වන්නේ. ස්වාධීන විගණන කොමිෂන් සභාව අහිමිවීම, තොරතුරු දැනගැනීම සඳහා තිබෙන අයිතිය ඉවත් කිරීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඉවත් කිරීම, ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තිබෙන සියලු අවස්තාවන් විනාශ කර දැමිම අද මේ ආන්ඩුවේ මූලිකම අරමුණ වී තිබෙනවා.
 
ආණ්ඩුව තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් පවුලක දේශපාලන අභිලාෂ වෙනුවෙන් රටේ නීතිරීති තමන්ගේ අතට ගනිමින් සිටිනවා.තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරන්න කටයුතු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පලවෙනි කැබිනට් මණ්ඩලයේ දී ම තීරණය කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකරලා දාලා ජනතා අබිලාෂයන්ට පයින් ගැසීමයි” යැයිද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (0)

‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’

ඔබේ අදහස් එවන්න

දියත

එළවළු මල්ලෙන් මතු වූ කුඩු
2024 දෙසැම්බර් මස 11 418 0

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප


අස්වැසුම මුදල් හෙට ගිණුමට
2024 දෙසැම්බර් මස 11 208 0

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.


ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි මහනුවර මාලිගාවට
2024 දෙසැම්බර් මස 11 1945 0

දෙදහස් පන්සිය වසරකටත් අධික මෙරට රජ වංශකතාවේ රජවරයකු භාවිතා කළ දැනට පවතින වහලය සහිත එකම රජ මාලිගය වශයෙන් සැලකෙන මහනුවර ඉපැරණි ලෝක උරුම රජමාලිගය අභිවර්


දකුණු කොරියානු හිටපු ආරක්ෂක ඇමැති දිවි නසා ගන්න හදලා
2024 දෙසැම්බර් මස 11 414 0

දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථාන


පුංචි ඡන්දෙ නාමයෝජනා අවලංගු කරන්න යයි
2024 දෙසැම්බර් මස 11 192 0

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් ප


‘මහජන සේවාව සපයන නිලධාරීන් මානුෂීයව ගනුදෙනු කළ යුතුයි‘
2024 දෙසැම්බර් මස 11 231 0

මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 43 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 45 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site