IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ෆස්ට් කැපිටල්-HNB එකතුවෙන් ඒකක භාර ආයෝජකයන්ට ඩිජිටල්ක්‍රමවේදයක්

ආයෝජන ආයතනයක්වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “First Capital Money Plus Fund” හඳුන්වා දීමට කටයුතු යෙදාතිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදයෙන් ඒකක භාර ආයෝජන ගිණුම් සඳහා නිකුත්කරන EMV සක්‍රී කාඩ්පත් හරහා ඩිජිටල් ක්‍රමයට මුදල් ලබාගැනීමට හා ගෙවීම් කිරීමට අවස්ථාව ලැබෙන අතර, එමගින් එම ගිණුම් හිමියන්ට ගනුදෙනු කිරීම සඳහා නව ක්‍රම කිහිපයක් හිමි වනු ඇත.

මෙම ක්‍රමවේදයේ ආරක්ෂාව හා විනිවිදභාවය තහවුරු කිරීම සඳහා භාරකාරසේවාව  ලබාගැනීමට ෆස්ට් කැපිටල් සමාගම HNB සමග අත්වැල් බැඳගැනීමට කටයුතුකර තිබේ. මෙම නව අරමුදල මගින් ඒකක භාර ගිණුම් හිමියන්ට EMV කාඩ්පත් ඔස්සේ ඉතාමත් පහසුවෙන් තම ආයෝජන වෙත පිවිසීමට හැකියාව ලැබේ.

මෙම නව පියවර සම්බන්ධයෙන් ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක උප සභාපති (වත්කම් කළමනාකරණ) කවින් කරුණාමූර්ති මහතා මෙසේ අදහස් පළකළේ ය. “First Capital යනු මෙරට ප්‍රාග්ධන වෙළඳපොළ පෙරළියකට ලක්කළ හඳුන්වා දීම් රැසක් සිදුකළ සමාගමක්.

’Performance First’ යන සන්නාම ප්‍රතිඥාවේ අර්ථය මත පදනම් වෙමින්, සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමවලට වඩා ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දෙන මෙම අරමුදල් සඳහා වඩාත් පහසුවෙන් හා ක්ෂණිකව පිවිසිය හැකිවන මෙම විසඳුම හඳුන්වා දීමට අප පියවර ගන්නවා. ඉක්මනින් මෙම නව පහසුකම වෙළෙඳපොළට රැගෙන ඒමට අප බලාපොරොත්තුවන අතර, මෙය ‘මුල්‍ය විසඳුම් තුළින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම’ යන අපගේ දැක්මෙහි වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

HNB හි නියෝජ්‍යසාමාන්‍යාධිකාරී (තොග බැංකුකරණ සමූහය) දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ අදහස් දැක්වී ය.“ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහා තෝරාගත් මූලික භාරකරු ලෙස කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. ‘Domestic Systemically Important Bank’ කාණ්ඩයේ බැංකුවක් මෙන්ම, වසර 135 කට අධික උරුමයක් සමගින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු අතර පුළුල්ම පාරිභෝගික බැංකුකරණ ආවරණ පරාසයක් හිමි බැංකුව වශයෙන්, මේ භූමිකාවට හොඳම සුදුස්සා අප බව අප විශ්වාස කරනවා. නව ඩිජිටල් සේවා හඳුන්වා දීම සඳහා අප සතු තාක්ෂණික හැකියා ඔස්සේ පෙර නොවූ විරූ සේවාවක් හා පහසුවක් සෘජුවම ගනුදෙනුකරුවන් වෙත ළඟා කරදීම අපගේ ඉලක්කයයි.”

ශ්‍රී ලංකා විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි මෙම නව ඒකක භාර අරමුදල නිසා ආයෝජකයන්ට දිවයින පුරා විසිරුණු ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවකදී මෙන්ම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මුදල් ගෙවන ස්ථාන (POS terminals) සහ ඩිජිටල් ගෙවීම් වේදිකාවලදී තම ආයෝජන වෙත පිවිසීමට හැකියාව ලැබේ.

පීපල්ස් ලීසිංසමාගම  TAGS 2023 දී  සම්මාන දිනයි

පීපල්ස් ලීසිංසමාගම (PLC), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කළ TAGS Awards 2023 හිදී මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා රිදී සම්මානයකින් පිදුම් ලැබීය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය සහ තිරසාරත්වය යන ගුණාංග ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

පීපල්ස් ලීසිංසමාගම ‘Multi-Dimensional’ නමින් පළකළ 2022/23 වාර්ෂික වාර්තාවට මීට පෙරද සම්මාන හා ඇගයුම් රැසක් හිමි විය. මෙම වාර්තාවේදී බහුමාන වර්ධනය සහ තිරසාරභාවය පිළිබඳව යොමුකරන ලද තේමාත්මක අවධානය, ඩිජිටල් දියුණුව සහ ශක්තිමත් ආයතනික පාලනය උදෙසා සමාගම දක්වන කැපවීම සමග මැනැවින් සමපාත වන බව එම සමාගම සදහන් කරයි.

එමෙන්ම මෙය ඒකාබද්ධ වාර්තාකරණය සම්බන්ධයෙන් පීපල්ස් ලීසිංසමාගම මෑතකදී වාර්තා කළ ජයග්‍රහණ අතරට එක්වන නවතම ජයග්‍රහණය ලෙසද හැඳින්විය හැක. මෙම වසරේ මීට පෙර පැවති CMA Excellence in Integrated Reporting Awards 2023 හිදී,  “Best Integrated Report – Finance & Leasing – State” ඇගයුම හිමිකර ගැනීමටත්, එම සම්මාන උළෙලේදී නම්කරන ලද විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තා10 අතරට එක්වීමටත් පීපල්ස් ලීසිංවාර්ෂික වාර්තාව සමත් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේදී පැවති ARC සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් සහ ලෝකඩ සම්මානයක් සමග Grand Award for Infographics සම්මානය දිනාගැනීමටද පීපල්ස් ලීසිං සමාගමට හැකියාව ලැබිණි.

“මෙවැනි ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවලදී අඛණ්ඩව ඇගයීමට ලක්වීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ විනිවිදභාවයෙන් යුත් මූල්‍ය සන්නිවේදනය සඳහා අප දක්වන කැපවීමට සාක්ෂි දරනවා. මේවා හුදෙක් සම්මාන පමණක් නොව, අපගේ මෙහෙයුම් කටයුතුවල සෑම අංශයක් තුළදීම අප විශිෂ්ටත්වය හා තිරසාරත්වය වෙනුවෙන් කැපවන බව නැවත නැවතත් තහවුරු කරන සාධක ලෙස හැඳින්වීමට පුළුවන්.” පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සිලීන් මහතා පැවසී ය.

 



අදහස් (0)

ෆස්ට් කැපිටල්-HNB එකතුවෙන් ඒකක භාර ආයෝජකයන්ට ඩිජිටල්ක්‍රමවේදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site