
(සුමිත් පොතුපිටිය)
කළුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ අවන්හල කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී චොකලට් සොරකම් කළ බව කියන ළමා නිවාසයක ගැහැනු ළමුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රසිද්ධ ළමා නිවාසයක නේවාසිකව සිටින වයස අවුරුදු 13, 14 සහ 15 වියේ පසුවන ගැහැනු ළමුන් තිදෙනකු බව පොලිසිය කීය.
අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ සිසීටීවී කැමරා පරීක්ෂා කිරීමේන් පසු ළමුන් හදුනාගෙන ළමා නිවාසයේ සගවා තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී, චොකලට් , ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි ගැන ලොකු දුකක් දැණුනා...
හොරකම නම් වැරදයි තමයි එත් මේ සිදුවීමේ හරය හරිම සංවේදියි. මෙම වරද ඉතා පරිස්සමෙන් විසඳා දරුවන් යහමගට ගතයුතුයි.
ඔහොම වෙන්න හේතුව තමා වැදගත්. ඔන්න ඕකයි දූපතේ තත්වේ
පොලිසියේ අය බලන් ඉන්නේ මහා වීර කමක් කළා වගේ...
සංවේදී කතාවක්.වරක් ගැහැනු ළමා නිවසක දරුවෙක් බඩේ ආබාධයක් බව පවසා රෝහල්ගත වීමට ඉල්ලුම පරීක්ෂා කළ වෛද්‍යවරිය අනාවරණය කළා රෝගයක් නැතිබව. ඇය කාරුණිකව කළ ප්‍රශ්න කිරීමේදී දැරිය පැවසුවා සම වයසේ දැරියක් මරණ තර්ජන එල්ල කරන බව සහ ඒ නිසා රාත්‍රිය රෝහල්ගත වෙන්න ඕනෑ කියලා. තර්ජන වලට හේතුව ඇයගේ රූමත් බව නිසා ඇතිවූ ඊර්ෂ්‍යාව... ළමා නිවසක පාලක පාලිකාවෝ අතිශය මානුෂික සහ පරික්ෂාකාරී විය යුතු නේද?
ළමා නිවාස වල ඉන්න පොඩි ළමයිනුත් අනිකුත් දෙමව්පියන් සමග ජීවත් වෙන ළමයින් මෙන්ම ටොෆී, චොකලට් වැනි රස කැවිලි වලට කැමතියි. මේ සිද්ධිය මීට වඩා මානුෂීය පැත්තෙන් බැලිය යුතුයි.
ලැජ්ජයි පොලිස් නෝනලා මහත්තුරැ ඉන්න උජාරුව දැ්කම... ඇයි බම් ඔය ඇල්ලුවේ කුඩු කාරියොද