
(චමිලා අල්විස් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි. ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව ද ගිලි නිවන සේවකයෝ පවසති.
ගින්නින නිවීමට ආ කීප දෙනකු ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කුරුඳු ආශ්‍රයෙන් විවිධ තෙල් වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත. දෙමල් සහ තෙමල් ගොඩනැගිලිවලින් සමන් විත මෙම කර්මාන්ත ශාලාවේ දෙමල් ගොඩ නැගිල්ල මේ වන විට ගිනි ගෙන විනාශවී ඇති අතර තෙමල් ගොඩ නැගිල්ල දෙසට ද මේ වන විට ගින්න පැතිරෙන බව ගිනින නිවන හමුදා පවසයි.
හොරණ සහ කළුතර ගිනි නිවීමේ ඒකක ගින්න නිවීමට උත්සහ කරති.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(ඡායා: චමිලා අල්විස්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුක හිතෙනවා. ව්‍යවසායකයා සහ සේවකයෝ දෙපක්ෂයම කරදරේ වැටෙනවා. නැවත පටන්ගන්න මූල්‍ය පහසුව...!!!