
(සමන් පාලිත නානායක්කාර )
ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍රයක් භාවිතා කරමින් දියතලාව සිට මොරටුව දක්වා රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් කරපන්ටයින් වර්ගයේ දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අද( 17 ) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලොරි රථයේ රියදුරු එහි සහායක සහ ව්‍යාජ බලපත්‍රය සකස්කළ බව කියන පුද්ගලයින් ඇතුළු කණ්ඩායමකි.
රාජ්‍ය දැව සංස්ථාවේ සහාය ඇතිව දැව බලපත්‍රය පරීක්ෂා කරනු ලැබූ අතර එය ව්‍යාජ එකක් බවට තහවුරු කරගෙන තිබේ.
සැකකරුවන් කැප්පෙටිපොළ, මොරටුව, බණ්ඩාරගම, කටුකුරුන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
209
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර බලපත් වලින් දැව කදන් ගෙන ගිය 5ක් අල්ලයි