IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


හිරුණිකාට අධිකරණයට යන්න නොදෙයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලට යාමට  පැමිණි අවස්ථාවේ පොලිසිය එය වැළැක්විය.

මේ මොහොතේ අධිකරණය ඇතුළේ විශාල පිරිසක් සිටින හෙයින් ඇතුලට යාමට ඉඩදිය නොහැකි බව පොලිසිය ප්‍රේමචන්ද්‍ර මහත්මියට දැනුම් දුන්නේය.අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාද අධිකරණය ඇතුලට යාමට පැමිණි නමුත් පොලිසිය ඔහුගේ ගමන ද වැළැක්වීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු රැසක් අධිකරණ සංකීර්ණය ඇතුළට ගොස් සිටිති.

(ඡායාරූප ලහිරු හර්ෂණ)



අදහස් (9)

හිරුණිකාට අධිකරණයට යන්න නොදෙයි

Jayasekara Tuesday, 26 August 2025 02:23 PM

හම්මෝ මෙයාලාගේ එකමුතුව.... සෑහෙන්න දේශපාලනීක බංකොලොත් වෙලා පව් අසරණයෝ

:       0       2

භාරත Tuesday, 26 August 2025 02:25 PM

අයියෝ.. රනී......ල්...

:       0       2

Sudda Tuesday, 26 August 2025 03:46 PM

හිරුනිකා නම් නොගියාට කමක් නෑ. රනිල්ගේ ගෙදර ලඟ හූ කියපු කෙනෙක් ඔතැනට එන්නේ රනිල්ට ආදරේටද නැත්නම් ආපහු පාරක් මූණ පෙන්නලා ඡන්ද ටිකක් කඩාගෙන පාර්ලිමේන්තු යන්නද​?

:       3       38

මුදිත Tuesday, 26 August 2025 03:48 PM

නොයන්නම තමයි මේකප්දාලා පරක්කු වෙලා ඇවිත් තියෙන්නේ...!

:       2       33

චානික Tuesday, 26 August 2025 04:05 PM

කන කපාගන්න වෙයිද නැත්ද කියලා බලාගන්න වෙන්න ඇති එන්න ඇත්තේ..., එයාට පොඩ්ඩක් ඒක ඉක්මණට බලාගන්න දෙන්න...

:       1       17

Tissa Tuesday, 26 August 2025 04:38 PM

ඔය ඉන්නේ තමන්ට රටේ අනිකුත් මිනිසුන්ට වඩා විශේෂ වරප්‍රසාද තියෙනවා කියලා හිතාගෙන ඉන්න තවත් කෙනෙක්....

:       1       18

සත්‍ය Tuesday, 26 August 2025 06:42 PM

පළාත්පාලන ඡන්දෙත් පරාදයි... දැන් යන එන මන් නැහැ... ඡන්ද ටිකක් ගන්න තමයි මේ මායම, මිනිස්සු මෙයා තඹේකට ගනන් ගන්නේ නැහැ.

:       0       15

m. saman perera Wednesday, 27 August 2025 09:41 AM

තවත් ගලි කටක්, තමන්ගේ පවුල් ජීවිතේ රැක ගන්න බැරිව ලෝකෙට බණ දේශනා කරනවා.

:       0       3

Perera Wednesday, 27 August 2025 12:51 PM

රනිල් රනිල් කියලා බෙරිහන් දුන්නානම් සමහරවිට යන්න දෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14753 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site