IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොරට ගෙන්වූ පලිබෝධනාශක තොගයක් ගල්කිරියාගමින් අල්ලයි

 

 

(කාංචන කුමාර ආරියදාස )

හොර රහසේ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ගෙන්වන ලද මිලියන හතරකට වඩා වැඩි වටිනාකමකින් යුතු  පලිබෝධනාශක සහ  කෘමිනාශක වර්ග ගල්කිරියාගම පුුබ්බෝගම ප්‍රදේශයේ දී අද(7) දින සොයාගෙන  ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය කියයි.

දේශීය සමාගම්වල වෙළෙඳ නාමයන් සහිත ඇසුරුම් කොටස කාලයක සිට පවත්වාගෙන යන ගල්කිරියාගම පුුබ්බෝගම ප්‍රදේශයේ කෘමිනාශක අලවි සැලක ඉහළමාලයේ මෙය පවත්වාගෙන ගොස් ඇත.

පේරාදෙණිය පළිබෝධනාශක කාර්යාංශයේ නිලධාරීන් සහ   උතුරු මැද පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට  අද මෙම නිෂ්පාදන ගබඩාව   පරීක්ෂා කිරීමේදී මේව හමුව තිබිණි.

මෙම ගබඩාව පරීක්ෂා කර බැලීමේදී දේශීය වෙළඳ සමාගම්වලන් මුද්‍රණ කඩදාසි ඇසුරුම් කරන ලද පෙට්ටි   වීශාල ප්‍රමාණයක්  සොයා  ගැනීමට හැකිවූ බවද නිලධාරීහු පවසති.

මෙම ජාවාරම සිදුකරගෙන යන වෙළඳසැල් හිමියා අත්අඩංගුවට ගත් බවත් ඔහු සහ මෙම තොගය පළිබෝධනාශක කාර්යයන්හි විධිවිධාන අනුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බලයලත් නිලධාරි කෘෂිකර්ම උපදේශක ගුණවර්ධන  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

හොරට ගෙන්වූ පලිබෝධනාශක තොගයක් ගල්කිරියාගමින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site