IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හඳුන්කූරූ විකුණන මුවාවෙන් ගංජා ඇදලා

( බී. ජී. චතුරංග) 

හඳුන්කූරු වෙළඳාම් නිරත වන මුවාවෙන්  ලොරි රථයක තට්ටුව කපා, සූක්ෂම ලෙස කුටි දෙකක් සකස් කර ඒ තුළ සඟවා  රුපියල් කෝටි 3කට වැඩි කේරළ  ගංජා තොගයක් ප්‍රවාහනය  කරමින් සිටි පුද්ගලයෙකු, එම ලොරි රථය සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිලිනොච්චිය පොලිස් වසමේ භාරතීපුරම්  ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලොරි තට්ටුව කපා චැසියට බද්ධ කර සාදා තිබූ විශාල ප්‍රමාණයේ රහස්කුටි දෙකක් සකසා තිබූ බවත්, එම ලොරි රථයේ රුපියල් තුන් කෝටි 48 ලක්ෂයක් වටිනා  කේරළ  ගංජා කිලෝ 87ක ප්‍රමාණයක් සඟවා තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන කේරළ  ගංජා කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන විත්, මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවත් කියයි.



අදහස් (1)

හඳුන්කූරූ විකුණන මුවාවෙන් ගංජා ඇදලා

විකුම්පාල Friday, 18 April 2025 01:35 PM

ලොකු වෙනසක් නෑ. දෙකේම දුමනේ... අල්ලපු එකත් පොටෝ එකට ඉන්නවා ලස්සනට. මම නම් ඕවාට නෑ කියනවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site