
(අංජුල මහික වීරරත්න)
හෙද සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට ගැසට් නිවේදන දෙකක් ලබන සිකුරාදා නිකුත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2020 වසරේ සිට 2022 වසර දක්වා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිධාරීන් 850ක් හෙද සේවය බඳවා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
"අපිට හෙද කාර්ය මණ්ඩලයේ අඩුපාඩුවක් පවතිනවා. උතුරේ පමණක් ප්‍රාදේශීය රෝහල් 33ක කිසිදු හෙදියක් නැහැ.
ඊට අමතරව පසුගිය කාලයේදී හෙද උපාධි ලබා ගත් 875ක් උපාධිධාරීන් අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නවා.ඊට අදාළ ගැසට් පත්‍රය 18 වැනිදා නිකුත් කරනවා යැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟයක් පවතිනවානම් කොහොමද පිට රටවල් වලට අරින්නේ ? ඩොලර් නම් රටේ යකාට ගියත් කමක් නැහැ.
පත්වීම් අරගෙන අවුරුදු දෙක තුනක් යනකොට තමයි... වර්ජනය පටන් ගන්නේ.