(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි.
එම වෙළදසැල වසා තිබූ අවස්ථාවේ හටගත් ගින්න ශීඝ්රටයෙන් පැතිර ගිය අතර, පැතිර ගිය ගින්න පාලනය කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් පියවර ගැනිණ.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ගින්න පිළිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd