
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
ඕස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද වාර්තාවක් කැඳවීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද තීරණය කළේය
මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් බාර දෙන ලෙස කාරක සභාව මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය භාරදුන් වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද පැය තුනකට වැඩි කාලයක් සාකච්ඡා කළේය.
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම මුදල් කාරක සභා රැස්වීමට භාණ්ඩාගාරයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සල්ලි ආපසු ගැනීම කොහොම වෙතත් මුදල් අමාත්‍යාංශය සම්බන්ධ උසස් නිලධාරීන්ට තියෙන පරිගණක තාක්ෂණය ගැන දැනුම ගැන ලොවම දැනගත්ත නේද? දැන්වත් කණ්ඩායමක් තෝරාගෙන අවශ්‍ය තාක්ෂණය සහ පරිචය ලබාදෙන්න ඕන නේද? රාජ්‍ය සේවයට එක්වන බහුතරය කලා හෝ වාණිජ උපාධිධාරීන්ට ඇති තාක්ෂණය පිලිබඳ දැනුම ජාත්‍යන්තර ගණුදෙනුවලට මදි නේද?