IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෙලාන් විශිෂ්ටයන් ඇගයීමට ලක්කෙරේ

සෙලාන් බැංකුව, අඛණ්ඩව 6 වන වරටත් ‘සෙලාන් වාර්ෂික විකුණුම් සම්මාන 2022‘ සම්මාන උළෙල පසුගියදා සංවිධාන කළේය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී, බැංකුවේ විකුණුම් කණ්ඩායම් සහ සබඳතා නිලධාරීන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කෙරිණි.

"Greater Together"  තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙවර සම්මාන උළෙල සඳහා සමස්ත සමූහය නියෝජනය කරමින් ඍජු විකුණුම් කණ්ඩායම සහ සබඳතා නිලධාරීන් ඇතුළු ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයෝ සහභාගී වූහ. එහිදී සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තුළින් විකුණුම් අංශය ශක්තිමත් කිරීමේ අගය අවධාරණය කෙරිණි. අභියෝග ජයගැනීම, අසමසම ප්‍රතිඵල අත්කර ගැනීම සහ ශක්තිමත් විකුණුම් කණ්ඩායමක් ගොඩනැගීම කෙරෙහි සෙලාන් බැංකුව තබා ඇති විශ්වාසය මෙවර සම්මාන උළෙලේදී පිළිබිඹු විය. සෙලාන් බැංකු ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කිරීම සඳහා විකුණුම් කණ්ඩායම් දැක්වූ දායකත්වය ද කැපී පෙනෙයි.

අපගේ ඉලක්ක ජය ගැනීමටත්, මෙරට බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ මිනුම් ලකුණක් ලෙස අපගේ නාමය වඩාත් සවිමත්ව ස්ථාපනය කිරීමටත් විකුණුම් කණ්ඩායම් සහ සබඳතා නිලධාරීන් දක්වන අසමසම කැපවීම නිරන්තරයෙන් හේතු වී තිබෙනවා. අද දින සම්මානයට පාත්‍ර වූ සියලු‍ සම්මාන ලාභීන් පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන්ට සුබපැතුම් එක්කරන අතර, වසර පුරා ඔවුන් විදහා පෑ සුවිශේෂී කාර්යසාධනය ඇගයුමට ලක් කිරීමට මෙය අවස්ථාවක්කර ගන්නවා. පසුගිය වසර පුරා මුහුණ දීමට සිදු වූ අභියෝග කිසිවකට, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය බිඳ හෙළීමට නොහැකි වුණා. අපගේ කුසලතා පූර්ණ කාර්යමණ්ඩල සාමාජිකයන් නිසාම, එළඹෙන වසරේදී තවත් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් සෙලාන් බැංකුවේ සහකාර සාමන්‍යාධිකාරී - අලෙවි සහ විකුණුම්, ගාමික ද සිල්වා මහතා සඳහන් කළේය.

පැවරුණු සේවාවට අමතරව වසර පුරා සියයට සියයක් ඉක්මවූ අඛණ්ඩ කාර්යසාධනයක් පෙන්නුම් කළ කාර්යමණ්ඩල සාමාජිකයන් හට මෙහිදී  "Best of the Best"  විශේෂ සම්මානය පිරිනැමුණු අතර, 2022 වසරේ මාසිකව විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ කාර්යමණ්ඩල සාමාජිකයන්ට "Hall of Fame"  සම්මානය පිරිනැමිණි

595



අදහස් (0)

සෙලාන් විශිෂ්ටයන් ඇගයීමට ලක්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site