
(සුජිත් හේවාජුලිගේ)
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ දෙදහසක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.
කල්බදු වාරික සම්බන්ධ ජනතාවගේ ගැටලුවලට හැකි සෑම අවස්ථාවකම සහන ලබාදීමට සංගමයක් විදියට ඉදිරිපත් වන බව පැවසූ ලේකම්වරයා කල්බදු වාරික අපහසුතාවයෙන් තොරව ගෙවීමට හැකිවන පරිදි වාහන ඇතුළු දේපළ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ අත්පත් කරගැනීමට ගිය අවස්ථාවන්හිදී ඇතිවූ ගැටුම්වලින් තම වෘත්තිකයන් කීපදෙනෙකු මරණයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා ශාලාවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි ආණ්ඩුව වාහන මිල ඉහල දැම්ම එකෙන් අහිංසක ව්‍යාපාරයක් කරගෙන ඉන්න මනුස්සයෙක්ට වාහනයක් ගන්න නැති වුනා. කෝටියක් විතර ලීසිං ගෙවන්න පොඩි බිස්නස් එකකින් ලැබෙන ආදායමෙන් පුලුවන්ද? සල්ලි වීසි කරන්න තියෙන උන් පාවිච්චි කරලා හම්පඩ වුනු වාහන අපි ගන්නෙත් පිටරටක සුපිරිම වාහනයක මිල ගෙවලා, එහෙම ගෙවලත් සැනසීමක් නැහැ හැමදාම කැඩෙන ගෙවිච්ච හුචක්කු නිසා. හැම අතින්ම තැලුනේ දුප්පතා, අරගල කරපු සමාජවාදියොන්ගේ ඊනියා ආණ්ඩුවකදීත් තැලෙන්නේ දුප්පතා. තොපෙත් ගිය ආණ්ඩුවේත් වෙනස මොකක්ද? රනිල් හිටියා නම් මීට වඩා හොඳයි.
ඔහෙලා මරපු අය කොච්චරද කියලත් කිව්වනං. හරි සුදනො ටිකක්නෙ එකතු වෙලා ටෝක දෙන්නෙ.
මෙම වාහන හිමියන්ට බරපතල හිංසන කරනවා බලහත්කාරයෙන්. මේ නින්දිත ක්‍රියාව රටෙන් තුරන් කල යුතුයි. වෙන රටවල මෙවැනි දේවල් සලකන්නේ අපරාධ හැටියට.
අපිට සල්ලි නැති නිසා තමයි ලීසීං දැම්මේ. අල්ලපු ගෙදර එකා ප්‍රියස් එකෙන් යනකොට අපේ ළමයි ඒවා බලලා දුක්වෙනවා. වැගන් ආර් එකක් පුලුවන් විදිහට ගෙවන්න අපිට ක්‍රමයක් හදාදෙන්න. මාසෙට 3000ක් වගේ ගෙවන්න පුළුවන් විදිහට උසාවියෙන් මේවා හදලා දෙන්න ඕනෑ.
ෆිනෑන්ස් දාලා වාහන ගත්තා නම් ඒවා ගෙවපල්ලා බොරුවට හැමදාම ඇවිල්ලා මීඩියා එකේ වැලලෙන්නේ නැතුව. ගෙවාගෙන යන්න බැරිනම් හොඳින් ගිහින් වාහනේ බාර දීපල්ලා...
ඇරියස් මහත්තයා මාරම කතා කියන්නේ. අල්ලපු ගෙදර එකා ෆෙරාරි එකක් ගත්තොත් අපි අඩුම ලැම්බෝගිනි එකක් හරි ගන්න ඕනෙ ලු. එකට රජය මැදිහත් වෙන්න ඕනේ ලු. මේවා ඇහුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොහෙන් හිනා වෙයි ද? රජයක් වුනාම බලන්න ඕනේ ලංකාවේ 70% අමුද්‍රව්‍ය එක්ක වාහන නිෂ්පාදනය කරන වට පිටාවක්. එතකොට රජය බදු අඩු කරලා ඉතා අඩු මුදලට වාහන දෙන්න පුළුවන්. දැන් ගොඩක් රටවල මොටර් රථ නිෂ්පාදනය කරනවා. එදා උපාලිලාට රජය උදව් කරා නම් අද ලංකාවේ දුවන වාහන බහුතරයක් ලංකාවේ නිෂ්පාදනයන්. 2019 ජපානයෙන් ඩොලර් බිලියන 2ක් වාහන ආනයනය කරලා තියෙනවා