
(සුජිත් හේවාජුලිගේ)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය නිලධාරීන් 85 දෙනෙකුට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම මුදල් කාලයක් තිස්සේ අය කර ගැනීමට අපොහොසත්ව තිබූ බව එහි දැක්වේ.
මේ අතර මියගිය සහ විශ්‍රාම ගිය සේවකයන්56 දෙනෙකුගෙන් තිස්හත් දෙනෙකුට රුපියල් ලක්ෂ එකොළහකටම වැඩි මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙලෙස වැඩිපුර මුදල් ගෙවා තිබුණේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වාය.
මේ අතර මාන් කේන්ති කජු ව්‍යාපෘතියේ කජුගස් අටදාසත්සිය අසූ හතක් ඇති බව සඳහන් වුවද දැනට පවතින්නේ කජු ගස් 3682 ක් වීම හේතුවෙන් කජු ගස් 5105ක ඌණතාවයක් පැවතුණ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.
කජු වගාව සඳහා භාවිතා කරන මොස්පිලාන් පැකට් 2930ක් තාවකාලික ගබඩාවේ අනාරක්ෂිතව ගබඩා කිරීම හේතුවෙන් එම පැකට් සියල්ල කල් ඉකුත් වීමෙන් රජයට ලක්ෂ තිස් එකක පමණ පාඩුවක් සිදුව ඇතැයි විගණන අංශ පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේවය හැර ගිය සිවිල් ආරක්ෂකයින්ට වැඩිපුර ගෙවලා