IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ තිරෝධ රථ රියදුරු සුළු තුවාල ලබා වරකාපොළ  රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අර්ධ වාර්ෂික පරීක්‍ෂණය සඳහා අඹේපුස්ස යුද හමුදා කඳවුරෙන් රැගෙන එන ලද කාපට් තොගයක් එම කඳවුරට බාර දී නැවත පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී කොළඹ නුවර පාර 70-71 කණු අතරතුරදී පොලිස් කැබ් රථය තිරෝද  රථයක ගැටී ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් කැබ් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර ඒ අසල සිටි ත්‍රිරෝද රථ නැවතුම්පොලේ පිරිසක් කැබ් රථය හඹා ගොස් නවතාගෙන ඇති අතර ඒ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී උප පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිට ඇති බවට තොරතුරු  අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (1)

සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට

wayima Monday, 27 January 2025 12:50 PM

ලංකාවේ බොහොමයක් පොලිසිවල සිදුකෙරන තවත් විහිළුවක් තමයි මේක. කොට්ඨාශ භාර පොලිස් අදිකාරිවරයාගේ වාර්ෂික පරීක්ෂණය තියෙන දාට වටපිට ගෙව්වල් වලින් මල්පෝච්චි උස්සගෙන ඇවිත් පොලිසිය සරසනවා , පළාතේ වතුවල සේවකයින්ව බලෙන් ගෙනත් වැඩ අරගෙන මුදල් නොදී යවනවා , පළාතේ ගරාජ් වලින් මුදල් නොදී වාහන සේවකරගන්නවා , පළාතේ හෝටල් වලින් මුදල් නොදී කෑම ගෙනියනවා , පළාතේ මුදලාලිලගෙන් තව තව දේවල් පග ලෙස ලබාගන්නවා . නව පොලිස්පතිතුමනි, පොලිස් ඇමැති තුමනි මේ විහිලු හා අකටයුතුකම් වහාම නැවතීමට කටයුතු යොදන්න .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site