IMG-LOGO

‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්

(යොහාන් භාසුර)

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආසන්නයෙන් ද, මහ මළුව වෙත පිවිසීමට නියමිත බවත් පොලිස් අධිකාරී ඩී. සී. ඩී. ඉලංගකෝන් මහතා පැවසීය.

මාතලේ, කුරුණෑගල සහ මඩවල දෙස සිට පැමිණෙන බැතිමතුන්ට පහසුවෙන් ඩී. එස්. සේනානායක වීදිය දෙසින් තිබෙන පෝලිමට ඇතුළු වීමට හැකි බවත් ඒ මහතා කීය.

කොළඹ හෝ නුවරඑළිය දෙස සිට පැමිණෙන බැතිමතුන්ට රතු බෝක්කුව හන්දියෙන් ආරම්භ වන පෝලිමට සම්බන්ධ විය හැකි බවත් එම පෝලිම අම්පිටිය දෙසින් ආරම්භ වී රතු බෝක්කුව හන්දියෙන් දෙකට බෙදෙන අතර එක පෝළිමක් වමට හැරී මල්වතු මහා විහාරය අසලින් වේල්ස් පාක් දක්වා පැමිණ ජෝයි බොට්ටුව අසලින් ක්වීන්ස් හෝටලය ඉදිරිපිටට පැමිණෙන බවත් ඒ මහතා පැවසීය.

එතැනින් දකුණට පැමිණ මහමායා ප්‍රාථමික විද්‍යාලය අසළින් අවන්හළ අසළ උල්පැලන්ගේ ඉදිරියෙන් මාලිගාවෙන් පිටතින් වැව අයින දෙසින් ක්වීන්ස් හෝටලය දෙසට පැමිණෙන අතර රතු බෝක්කුව හන්දියේ ඇති පෝලිමට පහසුවක් සම්බන්ධ සියහැකි බව ද ඒ මහතා කීය.

මහනුවර නගරයේ ගැටඹේ ප්‍රදේශයේ සිට විලියම් ගොපල්ලව මාවත, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, පේරාදෙණිය මාර්ගය, කටුගස්තොට දෙසෙට ඩී. එස්. සේනානායක මාවත, තිලක් රත්නායක වීදිය, තැන්නෙකුඹුර මාර්ගය ඇතුළු මහනුවර නගරයේ ඇතුළත ඇති සියලුම මාර්ග සහ අතුරු මාර්ගවල වාහන නැවැත්වීම තහනම් බවත් නගර සභාවෙන් ඉදිකර තිබෙන රථගාල, කරළිය රථ ගාල සහ සහස්උයන රථගාල පමණක් සැහැල්ලු රථවාහනවලට ප්‍රයෝජනයට ගැනීමට හැකි බවත් ඒ මහතා පැවසීය.

නගරය තුළ සිට ක්‍රියාත්මක වන කෙටි දුර ගමන් බස් රථ මහනුවර නගරය තුළ නැවැත්වීමට ඉඩ නොලැබෙන අතර බෝගම්බර බස් පර්යන්තයෙන් ආරම්භ වන දුර ගමන් සේවා බස් රථ හැරුණු විට එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මාවත, යටිනුවර වීදිය යන මාර්ගවල පමණක් දුර ගමන් සේවා බස් රථ කිහිපයක් නැවැත්විය හැකි බවත් එම බස් රථවල ගමන් වාරය ආරම්භ වීමට විනාඩි දහයකට පෙර අදාළ ස්ථානවලට ළඟාවී මගීන් රැගෙන නගරටයන් පිටවී යා යුතු බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ සිට ගැටඹේ දෙසට පැමිණේ නම් ගැටඹේ වටරවුමේදී වාහන නතර කරන අතර සැහැල්ලු වාහන සඳහා ගැටඹේ ක්‍රීඩාංගනය ද, මගී බස් රථ සඳහා ගන්නෝරුව මාර්ගයේ ද, වාහන ගාල්කිරීමට පහසුකම් සළසා ඇති බවත් කුරුණෑගල මාර්ගයේ පැමිණෙන වාහන හතරේ කණුවේ දී ද, මඩවල පාරේ සිට පැමිණෙන වාහන මහින්ද රාජපක්ෂ රඟහල අසලදී ද, නවත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මාතලේ දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන මහනුවර නගරයේ මහයියාව බිංගෙයින් රා කඩේ හන්දිය දක්වා පැමිණ පී.ටී. රාජන් ක්‍රීඩාංගනයේ නැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව කී පොලිස් අධිකාරීවරයා මාතලේ දෙසින් පැමිණෙන බස් රථ ද කුරුණෑගල මාර්ගයට හා මඩවල මාර්ගයට ගොස් නැවැත්වීමේ පහසුකම් සළසා ඇති බව ද පැවසීය.

එසේ පැමිණෙන ජනතාව විශේෂ බස් රථවලින් මහනුවර නගරයට ප්‍රවාහන කරන බවත් හන්තාන සඳගිරි මහා සෑය මාර්ගය පිළිබඳ නොදන්නා බස් රථ පැමිණි විට විශාල තදබදයක් ඇති වන බැවින් හන්තාන සඳගිරි මහා සෑය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් සඳහා ද විශේෂ බස් රථ සේවයක් සැළසුම් කර ඇති බවත් ඔහු කීය.

එම නිසා කටුගස්තොට සිට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලීසිය ඉදිරියට පැමිණ අවශ්‍ය දෙසකට ගමන් කළ හැකි බවත් සෙසු සැහැල්ලු වාහන ඩී. එස්. සේනානායක වීදිය, හරස් වීදිය දක්වා පැමිණ, හරස් වීදියෙන් පහළට ගොස් කොටුගොඩැල්ල වීදියෙන් දකුණට හැරී දළදා වීදියෙන් වමට පැමිණ, කේ.සී.සී. මාර්ගයෙන් ටොරින්ටන් දක්වා පැමිණ යා හැකි බවත් ඒ මහතා පැවසීය.

මහියංගනය දෙසින් පැමිණෙන වාහන බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිටින් නවත්වා බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ නැවැත්වීමට සූදානම් කර අතර බදුල්ල දෙසින් පැමිණෙන වාහන තැන්නෙකුඹුරෙදී නවත්වා එතැන් සිට විශේෂ බස් රථවලින් ප්‍රවාහනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

අම්පිටිය බෝගස අසලදී වහන නවත්වා අසළ ක්‍රීඩාංගනයේ වාහන ගාල් කිරීමේ පහසුකම් සලසා ඇති අතර පොලිසිය ක්‍රියාත්මක කරන රථවාහන සැලැස්මට අනුගතවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කඩුගන්නාවේ සහ කටුගස්තොට සිට එම දිනවල දක්වා සෑම විනාඩි 45 කට වරක්ම මහනුවර දක්වා දුම්රියව සේවයක් ක්‍රියාත්ම වන බවත් ඔහු කීය. 



අදහස් (1)

‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්

Asela Thursday, 17 April 2025 08:40 PM

පාස්කු දිනයට සමගාමීව දන්ත ධාතු ප්‍රදර්ශනය සංවිධානය කිරීම ගැන මට අනාරක්ෂිත බවක් දැනෙනවා කියලා මම හිතන්නේ. සමහර විට මම වැරැදියි. අපි ආරක්ෂාව ගැන සෑහීමකට පත් වෙනවාද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site