
(ගයාන් සූරියආරච්චි)
වයඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ජංගම දුරකතනයට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන යවා තර්ජනය කළ බව කියන රියැදුරකු (2) දා අත්අඩංගුවට ගත් බව වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව, බලල්ල, අමුණුකොලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය විසින් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
සැකකරු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් එම සිසුවියගේ ෆේස්බුක් ගිණුමට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවා සැකකරු සමග ලිංගිකව එක්වන ලෙසත් එසේ නොකළ හොත් එම සියලු ඡායරූප සහ වීඩියෝ දර්ශන ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ෆේස් බුක් ගිණුමට තව කෙනෙකුට ඇතුල් විය හැක්කේ තමන්ගේ අවසරය ඇත්නම් පමණයි. ඇයි මේ තරුණිය තමන් නොදන්නා කෙනෙකුට තමන්ගේ ෆේස් බුක් ගිණුමට ඇතුල්වීමට ඉඩ දුන්නේ?
මෙහෙම දෙයක් නිකම්ම වෙන්න බැහැ නේ. මෙයාගෙන් ලොකු වැරැද්දක් වෙලා ඇති. දැන් නිකං පත්තිනි අම්ම වෙන්න හදනව.