IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය

ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී

එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී සැකකාර සිසුන්  විසින් ඉකුත්දා පහරදීම සිදුකර තිබුණ අතර අදාල සිසුවා විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම,  සවස හයෙන් පසු විශ්ව විද්‍යාලය තුල සැරිසැරීම සහ අන්වර්ථ නමක් භාවිතා නොකිරීම හේතුවෙන්  මෙලෙස පහරදීම සිදුව ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පවසයි

පහර කෑමට ලක් වූ සිසුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබා එම රෝහලින් පිටව ගොස් මාතර වැලිගම ප්‍රාදේශීය රෝහලට සහ මාතර මහ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබාගෙන තිබුණි.



අදහස් (6)

සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප

vernon Wednesday, 07 May 2025 03:38 PM

පහර දුන් නෙවෙයි, චූදිත සිසුන්. මොකද පහර දුන්නා කියලා තාම අධිකරණයේ සනාථ වෙලත් නෑ. ඇපත් දීලා තියෙනවා. එහෙම වෙද්දී පහරදුන් අයට ඇප දුන්නා කියන්නේ විනිසුරුගේ තීරණයට එහා යෑමක්නේ...!

:       30       5

tissa Wednesday, 07 May 2025 03:47 PM

දැන් ඉතින් ආයෙත් මේ අයට සිරිත් පරිදි පරණ පුරුදුවලට අනුගත වෙන්නට පුළුවන්...!

:       1       22

කුකුල් චමින්ද Wednesday, 07 May 2025 04:51 PM

බත් කටක් කවපු මාත් චුදිත වෙච්චි එකේ, මේ ටික චූදිත වුනේ පහරකාපු කෙනාට පාඩම් කියාදෙන්න ගිහිල්ලාද?

:       2       3

පිටරටවැසියා Wednesday, 07 May 2025 04:53 PM

ඔන්න පටන් ගන්නවා නම් හොඳම ව්‍යාපාරය තමයි, මුඛවාඩම් හැදිල්ල. කෝවිඩ් නැති මේ කාලේත් හොඳට විකිණෙනවා...

:       0       12

Chathuri Wednesday, 07 May 2025 06:04 PM

කාලකන්නි ටිකක්. මොවුන්ගෙ දෙමව්පියො අන්නත දුක් විදිමින් මේ මිහරක් රෑනට වියදම් කරන්නෙ. බුද්දියෙන් ඉහලම තැනට ගිහින් මීමරන නොසන්ඩාලයෝ. මුන්ට රැකියාවක් නොකර. ඉන්න ජිවිතකාලයම. දුක් විදින්න මග පාදන්න අසරන දරුවන්ට දෙන. ගින්දර වලට. පයට දාන්න සපත්තු දෙකක් නැහැ සෙරප්පු දෙක දාගෙන. ඇවිදින්නෙ. අන්ත දුගී. කරන වැඩ. මෙයට මුල් තැන ඉරිසියාව

:       0       1

Deshabandu Thursday, 08 May 2025 09:01 AM

අනාගතේ පාතාලයේ පුරප්පාඩු පුරවන්නටත් මේ ගොල්ලන්ට පුළුවන් වෙයි. නිකං ඉඳලාම කිසිම අමාරුවක් නැතුව සල්ලි ලැබෙනවානම්, කොයි අම්මලා තාත්තාලාද අකමැති? නේද!! පාර්ලිමේන්තුවකට හරි, පලාත් සභාවකට හරි යන්න අවස්ථාවක් ලැබෙන්නත් බැරි දෙයක් නෙමෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site