
(සුජිත් හේවාජුලිගේ )
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මාරු වී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.
එම වාහනය දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස දැනුම්දී ඇතත් ඔහු තවමත් භාරදී නැතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ප්‍රධානියා මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක මුල් පුටුවකට මාරු වී යාමෙන් පසු එම සුඛෝපභෝගී වාහනය වෙනුවට වෙනත් කුඩා වාහනයක් සුරාබදු දෙපාර්තමේන්තුවට ඒවා තිබෙන බව දැනගන්නට ඇත.
එම කුඩා වාහනය පාවිච්චි නොකර දෙපාර්තමේන්තුවේ ගාල්කර තිබෙන බව
නිලධාරීහු පවසති.
සුරාබදු නිලධාරින්ගේ ත්‍යාග අරමුදලින් මිලදී ගත් එම වාහනය හිටපු ප්‍රධානියකු මෙසේ රැගෙන යාම ගැන සුරාබදු නිලධාරීහු දැඩි කනස්සල්ලෙන් පසුවෙති.
මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමට සුරා බදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා ඇමතීමට කිහිප වරක්ම උත්සාහ ගත්තද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාබදු අයත් වන්නේ මුදල් අමාත්‍යාංශයට නේද? දූෂණය ගැන දැඩි විමසිල්ලෙන් සිටින තැනක්නේ කරුණු විමසන්න...
ගුරාලා හිටගෙන, ගෝලයෝ දුව දුව. එහෙමයි උගන්නලා තිබුණේ.
පළවෙනි දවසේම දීලා යන්න කියලා කියන්න කෙනෙක් හිටියේ නැද්ද? මම උන්නා නම් කියනවා නැත්නම් හුළං අරිනවා...
මෙහෙම නිළධාරීන් ඉන්නකම් දූෂණය වංචාවත් කොහොම නතර කරන්නද ?
සුරා බදු නම වෙනස්කර... . ලංකාවේ සුපිරි සෙල්ලන් කාරයෝ ටික ඉන්නේ මේකේ .මෙයාලගේ ළමයි ඉන්නෙ පිට රටවල... පුදුම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අය ඉන්න දෙපාර්තමේන්තුවක් මේක. මෙයාල කොළ කැඳ හදන්නේ 5000 කොළ පොල්කිරි සමඟ බ්ලෙන්ඩ් කරලා.
සුරාබදු ලොක්කා තවම සූර් පිටින්ද දන්නේ නෑ ඉන්නේ..?