IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ සෞදි සංචාරය අතරතුරේය.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, සෞදි සංචාරය ආරම්භ කළේ තෙදින මැදපෙරදිග සංචාරයට සමගාමීවය. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් සහ සෞදි රජ පවුලෙන් ට්‍රම්ප්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. හමුදා උත්තමාචාර ද හිමිවිය.

ඇමෙරිකාව, සිරියාවට සම්බාධක පැනැවීම කළේ, බෂාර් අල් අසාද් සිරියානු ජනාධිපති ධුරය හොබවද්දීය. අසාද් පාලනයට එරෙහි වූ විපක්ෂයට, ඇමෙරිකාවේ සහාය හිමිවුණු අතර, එම විපක්ෂ කණ්ඩායම් අසාද් පාලනයට එරෙහිව අවි අතට ගත් විට, ඔවුන්ට අවි ආයුධ ලබා දීම කළේ ද ඇමෙරිකාව සහ ප්‍රංශයයි. අසාද් පාලනය සිරියානු වැසියන් පීඩාවට පත් කිරීම සම්බාධක පැනැවීමට ප්‍රධාන හේතුවක් විය. 

පසුගිය වසරේ, විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සටන්කාමීන්, ඩමැස්කස් අගනුවර බලය අල්ලා ගනිද්දී, ජනාධිපති ධුරය දමා අසාද් රටින් පලා ගියේය. අසාද්ට සහ ඔහුගේ පවුලේ අය රුසියාවට ගෙන්වා ගනිමින්, ආරක්ෂාව දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.

අසාද් පාලනය අවසන් වීමෙන් පසු, සිරියාවේ අන්තර්වාර පාලනයක් පවතී. අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන්නේ හිටපු සටකන්කාමී නායකයකු වන අහ්මද් අල් ෂාරා ය. නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිරියාව ලෝකයට විවෘත කිරීම අල් ෂාරා සහ ඔහුගේ අන්තර්වාර රජයේ අරමුණ වී ඇත. පසුගිය දා අල් ෂාරා ප්‍රංශයේ පැරිස් අගනුවරට ගොස් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවා හමුවී සාකච්ඡා පැවැත්වීය.

සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සෞදියයි. සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කළේ සෞදියේ රියාද් නුවර පැවැති ආර්ථික සමුළුවකට සහභාගී වෙමිනි. 

‘ඇමෙරිකාව සිරියාවට පැනවූ සියලුම ආකාරයේ සම්බාධක ඉවත් කිරීමට මා කටයුතු කරනවා. ඒ වගේමයි මා සිරියාවට සුබ පතනවා. මට විශ්වාසයි සිරියාව ලෝකයටම අලුත් මුහුණක් පෙන්වාවි.’ යැයි ට්‍රම්ප් එම ආර්ථික සමුළුව අතරතුරේ පැවැසීය.

ට්‍රම්ප් සහ ඔටුන්න හිම සෞදි සල්මාන් කුමරුන් අතරේ ද සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී දෙදෙනාගේ මිතුදම් තවත් ශක්තිමත් විය. ට්‍රම්ප්ට රජ පවුලේ සියලුම සාමාජිකයන් හඳුන්වා දීමට ද සල්මාන් කුමරු කටයුතු කළේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site