
(රංජන් කස්තුරි)
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළ ද එය විශාල ලෙස ඉක්මවා ගොස් රැපියල් කෝටි 6100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්‍රහණයකැයිද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්‍රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩියෙන් මත්පැන් බීල නොවෙයි, හරියට බදු අය කරල වෙන්න ඕන, හොර ස්ටිකර් ගහල අරක්කු විකුනපු අයට මොකද උනේ ඒ ගැන පහුගිය පාලනය මොකද කලේ? වෙන පාලනයක් ආව නම් මෙහෙම වෙයිද කියල හිතල බලන්න මොකද අරක්කු නිශ්පාදකයො වත්මන් රජයෙ නැහැ.
මොකක්ද එකේ තියෙන අරුමේ? ඔය වගේ දහගුණයක් වටිනා කසිප්පු විකිණෙනවා, සත පහක් බදු ගෙවන්නේ නැහැ.
සෑහෙන්න බොන්න ඕන වැඩක්!
අපේ මිනිස්සු මොනා නැතත් හොඳට බොනවා. හැබැයි ඔය ආදායම රෝහල් වලින් නැවත වැය කරන්න වෙනවා. බීලා ලෙඩ වුණාම.
වත්මන් ආණ්ඩුවෙ නායකකාරකාදීන්ගේ අවලාද ගැරහිලි මැද්දේ රනිල් ලබාදුන් සුරාබදු බලපත්‍ර නිසා ඔය තත්වය ලැබුනා ඒත් වත්මන් ආණ්ඩුව ඒවා අවලංගු කලාම නැවතත් අඩුවේවි