IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සියලු මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන උගන්වන්න යයි

(අංජුල මහික වීරරත්න)

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍යතා මත ප්‍රතිපාදන සැපයීමට රජය සූදානම් බවද ජනාධිතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (08) පැවැති සාකච්ඡාවේදීය. මෙහිදී, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් සමස්ත පද්ධතියම පූර්ණ වෙනසකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මානව සම්පත් සංවර්ධනය කෙරෙහිද ඉහළ අවධානයක් යොමු විය යුතු බව ජනපතිවරයා අවධාරණය කළේය. ඒ සඳහා පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව, සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි අයවැය මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම, මෙම ක්‍රියාවලියේදී ගුරුවරුන් සහ අධ්‍යාපන පීඨ සිසුන් පිළිබඳවද අවධානය යොමු කිරීමටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සඳහා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අදහස් හා යෝජනා ලබා ගැනීමටත් සාකච්ඡා විය.

එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට, මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු 2ක් පවත්වන ලෙසත්, එමඟින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහත්වරු ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (6)

සියලු මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන උගන්වන්න යයි

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 08 July 2025 06:40 PM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඔං හරිනි මැතිනිය දැන්මම පටන් අරන් ! මං දැක්කා ලඟදි සංක්‍රාන්තික පෙරහරක් වතුකරයේත් ! එන පොට හොඳ නැහැ, කෙල්ල ගෙට ගනින් කිව්වලු !

:       4       3

R.T. sarath Saturday, 12 July 2025 02:34 PM

ජනාධිපති තුමනි, මන්ත්‍රීවරුන්ට පමණක් නොව ඔය කෙටුම්පත මාධ්‍යවල ප්‍රසිද්ධ කරන්න, අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නියැලිලා සිටින ගුරුවරු, විදුහල්පතිවරු, ඇතුළු සියලුදෙනාටම අදහස් ලබාදෙන්න අවස්ථාව දෙන්න.., ඉන්පසු ගුණාත්මක අදහස් අරන් හොඳ පනතක් හදමු.

:       1       6

de silva berlin Saturday, 12 July 2025 03:05 PM

ජනාධිපතිතුමනි ලංකාවේ විශ්ව විද්‍යාලවල තිබෙන පුරප්පාඩු මෙන් 10 ගුණයකට වැඩි සිසුන් ප්‍රමාණයක් අපොස උසස්පෙළට යොමු කරනවා.. අවසානයේ මොවුන්ගෙන් බොහෝ දෙනෙක් වසර කීපයක් රැකියාවක් හෝ වෘත්තීය පුහුණුවක් නැතිව නිකරුනේ කාලය ගත කරනවා... අපොස සා/පෙ පසුව උසස් පෙළ කරන සිසුන් ප්‍රමාණය ඉතා සීමා කොට, එම මුදල් යොදවා, ජෙර්මනියේ ඇති ආකාරයට වසර 3 ක ගුණාත්මක වුර්තිය පුහුණුවක් ලබාදෙන්න කටයුතු කරන්න ජනාධිපතිතුමා සමග ජර්මනිය සමීප සබන්ධතාවයක් තිබෙන නිසා මෙවැනි දෙයකට ජර්මනිය අනිවාර්යයෙන් උදව් කරාවි, ජෙර්මනියෙන් උපදේශකයෝ ගෙනාවොත් දැනට පාසල්වල සිටින ගුරුවරුන්ට පුහුණුවක් දීල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල සේවයට ගන්න පුළුවන්. රටේ නියම පුහුණුවක් තිබෙන වුර්තියවේදීන් නොමැතිකම අපේ ආර්ථිකය දියුණු නොවෙන්න ප්‍රබල හේතුවක්, වුර්තිකයන්ට නිසි පුහුණුවක් නොමැති නිසා විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක්, කාලයක්, මුදලක් නිකරුනේ නාස්ති වෙනවා... පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවලට යොමු කිරීමෙනුත් වැඩි වැටුපක් ලැබෙනවා...

:       0       7

ලුම්බිණි Wednesday, 16 July 2025 10:19 AM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විතරක් නොවෙයි , මන්ත්‍රීලට තව බොහෝ දේවල් උගන්වන්න වේවි .

:       1       4

Gamini Thursday, 24 July 2025 09:47 PM

ඒකනම් 159 ම කරන්න ඕන, කෝවේ දමා මකලා තමයි ගණන් ඕනේ.

:       0       3

Asanga Sunday, 14 September 2025 10:29 AM

තව තවත් බොරු කියන එකනම් උගන්වන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site