
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් ) නිර්දේශ කළේය.
එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ 2023 මූල්‍ය වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය.
නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඔහු පැවසුවේය.
එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
ඒ අනුව පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන දුන්නේය.

2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබරේ දූෂණ හොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක්
Frencis Friday, 06 June 2025 06:22 PM
ඔය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය රත්නපුර (සබරගමුවෙ) තිබුණාට අනෙක් කොටස් තියෙන්නේ ඌව විශ්ව විද්‍යාලයට ආසන්නව ඌව පළාත් මායිමේ නිසා සබරගමුව කීමත් එතරම් සුදුසු නැහැවගෙයි... එම පිහිටීමත් කියනාකාරයට මහාපරිමාණයේ වංචා දූෂණ වලට හේතුවක් වෙන්න පුළුවන්... විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන වුණත් ජනතා මුදල් යොදවන නිසා රජයේ නිලධාරින්ට අදාල ආයතන සංග්‍රහයේ මෙන්ම මුදල් රෙගුලාසිත් ඒවාට සංශෝධන චක්‍රලේඛ අනුවත් කටයුතු කෙරෙනවා නම් හොඳයි පරීක්ෂණ කමිටුවක් පත්කිරීම ඉතාම කාලෝචිත පියවරක් කියලා කියන්න පුළුවන්...
tikiri Saturday, 07 June 2025 11:07 AM
සමන් කොළඹ සරසවියේ ඉන්න කාලෙත් හරි දක්ෂයා... පුළුවන් හැම තැනකින්ම රිංගුවා.