
(අජිත්ලාල් ශාන්ත උදය, රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
රුපියල් කෝටි හතක රාජ්‍ය මුදලක් වංචනිකව පරිහරණය කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ඔක්තෝම්බර් මස 02 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කළේය.
ලෙල්ලොපිටිය, වැලිමලුව හන්දිය, ගෝණකුඹුර යන ලිපිනයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂා කිරීමේදී නීතීඥයකු මාර්ගයෙන් මුල්‍ය හා අපරාධ විමර්ශන අංශ 03 වෙත ඉදිරිපත්වීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය.
සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.
සබරගමු පළාත් මාර්ග අමාතයාංශය මගින් 2016-2017 වර්ෂවල වෙන්කරන ලද මුදල් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව ක්‍රියාකාරී ආයතනය ලෙස තෝරාගනිමින් සිදුකරන ලද ව්‍යාපෘති 77කට අදාලව ව්‍යාපෘති සිදුනොකර රුපියල් 7,16,45,226.32ක මුදලක් සම්බන්ධයෙන් රජයට පාඩුවන අන්දමින් කටයුතු කරමින් කුමන්ත්‍රණය කිරිම මගින් පොදු දේපල පනතේ 5 -1 සමග කියවිය යුතු ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 386, 389 සහ 400 සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතේ 102 සහ 113 (අ) යන වරදවල් කර ඇති බවට සැකකරන නිසා හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබරගමු පළාත් හිටපු ඇමැති රිමාන්ඩ්
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 18 September 2025 03:00 PM
කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවක්ලු... ඒ කියන්නේ පුංචිම පුංචි හාල්මැස්සෙක් මේ
Nimal Friday, 19 September 2025 07:04 AM
රාජ්‍යසේවයේ වාර්ෂිකව වැටුප් වැඩිකිරීමට ඉහල නිළධාරින්ට අවනත නොවූ අවස්තා තිබේද වැනි ප්‍රශ්න සමග බදවා ගැනීමේ බලතල ඇමතිමණ්ඩලය වෙත පැවරෙනවා. ලේකම්ට තනතුරේ ඉන්න පුලුවන් වෙන්නෙ ඇමතිගෙ මනාපෙ තියෙනතුරු පමනයි ඉතින් ඇමතියා කියනදේ ලේකම්ල කරන්නම ඕන ඊළගට ලේකම්ල කියනදේ පහල නිළධාරි කරන්න ඕන. ඉතින් දේශපාලුවො කියනදේ කරන අහිංසකයින්ට මුලින්ම දඩුවම් ලැබෙනවා. කොහොමහරි දූෂන වෙලා තියෙනවානම් අදාල දේශපාලුවන්ට දඩුවම් දෙනවානම් දූෂන අඩුවේවි