IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සපුගස්කන්දට නව පිරිපහදුවක්

(අංජුල මහික වීරරත්න)

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වෙළෙඳ පොළ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම යුතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට සහ වැඩි දියුණු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවිධ ප්‍රයත්නයන් දරා ඇති නමුත්, ඒවා සාර්ථක වී නොමැත.

එම කාර්යය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්ථාපිත කර සුදුසු උපාය මාර්ගික ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම සඳහාත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත. 

වත්මන් රජයේ බල ශක්ති ප්‍රතිපත්ති රාමුව යටතේ දැනට පවත්නා පිරිපහදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ඉදිකිරීම ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනා ගෙන ඇත.

ඒ අනුව, 2022 වර්ෂයේදී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව සුදුසු ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීම සහ එම පරිශ්‍රය තුළම ඉදිකිරීම, මෙහෙයුම් හා පැවරීම (BOT) පදනම මත දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මූල්‍ය සම්පාදක/ ආයෝජකයින් හඳුනා ගැනීම සහ තෝරා ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත්, සුදුසුකම් සපුරන ආයතන වෙතින් යෝජනා කැඳවීමටත් බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

සපුගස්කන්දට නව පිරිපහදුවක්

යෝගා Tuesday, 11 February 2025 04:24 PM

සීයා කාපු කජ්ජම කකා ඒ ප්‍රතිපත්ති ඒ විදියටම ක්‍රියාත්මක කරන්න කියලා කියන්න ඇත්තේ ඇමෙරිකාව වෙන්න ඕන.

:       13       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site