IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සනත් නිශාන්තගේ මරණයේ ඇත්ත ඉක්මනින් සොයන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න කඩිනමින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉක්මනින් දඬුවම් පමුණුවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

සනත් නිශාන්ත මහතාගේ මරණය පිළිබඳ සැකයක් තිබෙන බව කී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එතුමාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ සැකය තිබෙන නිසා බව සඳහන් කළේය.

සමාජ මාධ්‍යයේත් මේ පිළිබඳ කතිකාවතක් ඇතිවී තිබෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැමූ පැමිණිල්ල ඉක්මනින් විභාග කොට එවැනි දෙයක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳ සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පැමිණවිය යුතු බවද කීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය  සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

 



අදහස් (3)

සනත් නිශාන්තගේ මරණයේ ඇත්ත ඉක්මනින් සොයන්න

Rajapaksa Supporter Thursday, 22 February 2024 01:08 PM

එය මිනීමැරුමක් නම් එය පිටුපස හැමදාම මෙන් රාජපක්ෂලා සිටිය යුතුය.

:       0       0

Lalinda Friday, 23 February 2024 09:56 AM

ඊට කලින් පාස්කු ප්‍රහාරය හොයලා ඉන්න කියන්න.. ඊට පස්සේ මේක හොයන්න පුළුවන්...!

:       0       0

sarath Friday, 23 February 2024 01:21 PM

ඕකේ ඇත්ත තත්වය නම් ඔය සනත් නිශාන්තගේ වාහනය පදවන රියැදුරා හැමදාම වාහනය පදවන්නේ මාර්ග නීති කඩමින් අධික වේගයකින්, නිතර නිතර කුඩා අනතුරු සිදුවෙනවා. නමුත් දේශපාලන බලය යොදාගනිමින් මේවා යටගහනවා. අධිවේගේ ගමන් කරන්නේ හැමදාම 150ට අධික වේගෙන්, කිසිම සාධාරණ හේතුවක් නොමැතිව රාත්‍රී 1-2 පැයට කිලෝමීටර් 160 අධික වේගෙන් යන්න තිබෙන හදිස්සිය මොකද්ද කියලා රියැදුරාගෙන් අහන්න ඕනේ... මේ වාහනයට වුණු අලාභයට වන්දි ඔහුගෙන් අයකර ගන්නා ඕනේ..., ගෙවන්න බැරි නම් හිරේ අරින්න ඕනේ, අනෙක් රජයේ වාහන පදවන රියැදුරන්ටත් පාඩමක් ඉගෙන ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 47 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 343 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site