IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සංජිවගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් අසාම්ගේ පවුලෙන් මෝසමක්

(රෝෂන් තුෂාර)

වෙඩිවැදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතන සැකකරු ලෙස වෙනත් අයෙකුගේ නමක් ප්‍රකාශ කිරීම හේතුවෙන් මොහොමඩ් අසාම් සිරබ්ඩීන්ගේ පවුලේ ඥාතීන්ට අගතියක් සිදුවී ඇති බවට මෝෂමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20)ඉදිරිපත් කළේය.

මොහොමඩ් අසාම් සෙරෙඩ්ඩීම් යන අයගේ සොහොදරයකු විසින් ගොනු කළ මෙම මෝෂම නීතිඥ නුවන් ජයවර්ධන මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෝෂම සම්බන්ධයෙන් නීතිඥ දසුන් පෙරේරා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් සෙරෙබ්ඩීම් නොවන බවය.සහ පොලිසිය මගින් ප්‍රකාශ කළ සැකකරුගේ නම හා සැකකරු එක් අයෙකු නොව දෙදෙනකුු බවද පැවසීය.

මේ හේතුවෙන් නම සඳහන් වූ සැකකරුගේ පවුලේ ඥාතීන්ට නීතිමය ප්‍රශ්න හා සමාජයේ ප්‍රශ්න ඇති වී ඇතිබවත්,ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සිද්ධියට අදාළ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් අදාළ ඉල්ලීම සැකකරු ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිඥවරුන්ට දන්වා සිටියේය.

 



අදහස් (0)

සංජිවගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් අසාම්ගේ පවුලෙන් මෝසමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site