
(යොහාන් භාසුර)
සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අත්හිටුවූ පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය මෙම මස 6 වැනිදා පැවැත්වීමට නියමිත බවත් එහිදී එහිදී එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බවත් ප්‍රධානියා සඳහන් කළේය.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිත බව ද එම ප්‍රධානියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවාදී දේශපාලුවෝ බලය ගන්න දඟලන දැගලිලි දැක්කම කලකිරෙනවා. පේනවනේ නේද මුන්ට රට සහ රටේ ජනතාව වෙනුවෙන් කිසිම ප්‍රතිපත්තියක් නෑ කියලා.
සජබය කිසිදා මහ බැංකු කොල්ලකරුවන්ට එක් නොවන බවත් ඔවුන්ගේ සහාය ලබා නොගන්නා බවත් සජිත් ප්‍රසිද්ධියේ පැවසීය.
සම්මේලනයේදී කියන ප්‍රකාශය තමයි "2048 දී ලංකාවට සෞභාග්‍ය උදාවෙලා, මුළු ආසියාවේම ආශ්චර්යය බවට පත්වෙන එක. එතකල් කෙඳිරි ගාන්නේ නැතිව, පටි තදකරගෙන හිටපල්ලා" කියන එක.