IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සජබට ගිය එජාප පිරිසගේ තහනම ඉවත්කිරීමේ තීරණයක්

(යොහාන් භාසුර)

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අත්හිටුවූ පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය මෙම මස 6 වැනිදා පැවැත්වීමට නියමිත බවත් එහිදී එහිදී එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බවත් ප්‍රධානියා සඳහන් කළේය.

කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිත බව ද එම ප්‍රධානියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (3)

සජබට ගිය එජාප පිරිසගේ තහනම ඉවත්කිරීමේ තීරණයක්

Rata Perata Tuesday, 02 September 2025 07:36 AM

අවස්ථාවාදී දේශපාලුවෝ බලය ගන්න දඟලන දැගලිලි දැක්කම කලකිරෙනවා. පේනවනේ නේද මුන්ට රට සහ රටේ ජනතාව වෙනුවෙන් කිසිම ප්‍රතිපත්තියක් නෑ කියලා.

:       1       4

Achi Tuesday, 02 September 2025 07:45 AM

සජබය කිසිදා මහ බැංකු කොල්ලකරුවන්ට එක් නොවන බවත් ඔවුන්ගේ සහාය ලබා නොගන්නා බවත් සජිත් ප්‍රසිද්ධියේ පැවසීය.

:       1       2

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 09:05 AM

සම්මේලනයේදී කියන ප්‍රකාශය තමයි "2048 දී ලංකාවට සෞභාග්‍ය උදාවෙලා, මුළු ආසියාවේම ආශ්චර්යය බවට පත්වෙන එක. එතකල් කෙඳිරි ගාන්නේ නැතිව, පටි තදකරගෙන හිටපල්ලා" කියන එක.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 97 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site