
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය වසර දෙකක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩිකර ගැනීමට කිසිඳු වැඩපිළිවෙලක් නැති පසුබිම යටතේ නියම යුද්ධය ආරම්භ වන්නේ 2028 වසරේ අවසානයේදී බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.
මහා බැංකුව ප්‍රකාශ කරන ආකාරයට මේ වසර අවසානය වනවිට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 8ක් වුවත් ඉතිරි බිලියන 7 සොයා ගැනීමේ කිසිඳු වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නැතැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩි කර නොගතහොත් දරුණුතම යුද්ධයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයිද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රචිත “යුද දෙකකට උර දී“ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමිනි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී උත්සවය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕං ඉදිරිය තවත් භයානක වෙනවලු අපේ සෑර්. බිරිතාන්නේ ඔපීසියල් ගමනක් නෙවේය කියල ආං ඒ ආණ්ඩුව කියනවා. අනේ මොන දහං ගැටයක් ගහල හරි අර සල්ලි ගන්න ප්‍රී ලෝවර්ස්ලට කියල හරි බේරෙන්න සෑර්. සෑර් නැතිවුනොත් කවුදෑ රට නැවත නැවත ගොඩගන්නේ!!!
පිස්සෙක්
48 වෙනකොට දෙමුකො බැටේ
තමුන් බය වෙන්නෙ නැතිව. මෝඩ බේබිලව උස් ගන්නෙ නැතිව පාඩුවේ ඉන්න. මීහරක් කුලප්පු වුනාට බයත් නැහැ. මෙපමන කාලරට කරලා බන්කොලොත් කරනකොට. ඔයවගෙ ෆ්හේවල් ඇගට ෆ්හැනුනේ නැත්ද මුන් හිතනින්නෙ. මාලිමාවෙ ඉන්නෙ ගොබ්බ කම්බ හොරු කියලා මොලයක් නැති. කොහොමද. සීයේ රටේ නිතිය ලස්සනයි නේද. සේරම තදයෝ කියලා හිතන් හිටපු කට්ටිය. දෙකට නැමිලා අදිකරනයට යනවා දැක්කමයි නේද. ඇග හිරිවැටෙනවා නේද
මහත්තයෝ! ඔබ තුමාගේත් ඉදිරිය භයානකයි.
දිගට හරහට ණය ගන්නකොට ඉදිරිය ගැන බය හිතුනේ නැතිද?
දැන් ආණ්ඩුව යන්නේ එදා වේල ක්‍රමයට. කිසිම ප්ලෑන් එකක් ඇති බවක් පෙනෙන්න නැහැ.
මහ බැංකු ව ගැන. ඔබ තුමාට කලබල වෙන්න දෙයක් නා ඒක ආණ්ඩුව බාලාගයි . උපදෙස් නම් එපා. සිංගප්පූරු ගිය යාලුවා වෙඩින් එක ඉවරයි නම්. ගෙනත් දෙන්න. ඒ හොඳටම ඇති
ඩොලර් මදිලු... දරුණුයිලු... ඔයාගේ UK එකේ දවසේ ගමනට පවුම් 31,000. ඉතින් කොහොමද ඉතිරි කරන්නේ?
අම්මෝ.. අපි බය නොකර තෙඹු කරලා බීලා නිදාගන්න....